තරග පාවාදීම් චෝදනාව ගැන විමර්ශන අවසන්

2011 ක්‍රිකට් ලෝක කුසලානය: තරග පාවාදීම් චෝදනාවක් ගැන කරුණු අනාවරණය වී නෑ

by Staff writer 03-07-2020 | 4:58 PM

COLOMBO (News 1st) : UPDATE : 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවාදීමක් පිළිබඳව කරුණු අනාවරණය වී නොමැති බැවින් ක්‍රීඩා විමර්ශන ඒකකය විසින් අදාළ විමර්ශන අවසන් කිරීමට තීරණය කර ඇතැයි පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරන පොලිස් මූලස්ථානය පවසන්නේ ඒ සම්බන්ධයෙන් අද දින වැඩබලන පොලිස්පතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි. මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ද ප්‍රකාශ කළේ, තම පරීක්ෂණ නතර කරමින් අදාළ සිද්ධිය පිළිබඳව මෙතෙක් සිදු කළ පරීක්ෂණයේ වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන බවයි. අදාළ චෝදනාව කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදෙමින් සදහන් කළ කරුණු තහවුරු කළ නොහැකි බව ක්‍රීඩකයින් හා හිටපු තේරීම් කමිටු සභාපතිවරයා ලබා දුන් ප්‍රකාශ තුළින් තහවුරු වීම පරීක්ෂණය නතර කිරීමට හේතු වූ බව ද අදාළ ඒකකය ප්‍රකාශ කළේ ය. මීට අදාළව හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා , හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග හා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර විමර්ශන ඒකකය ප්‍රකාශ ලබා ගත්තේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/388987435409743/