ජනපති අද අනුරාධපුරයේ සංචාරයක

අනුරාධපුර ගිය ජනපතිට ගොවි ජනතාවගේ ගැටලු යොමු වෙයි

by Staff writer 03-07-2020 | 8:11 PM

COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සංචාරය කරමින් ජනතාව හමු විය.

මෙම සංචාරය අතර තලාව, තම්මැන්නාව වැව අසළට පැමිණි ජනාධිපතිවරයා එම ප්‍රදේශයේ ජනතාව තම ගැටලු යොමු කළේය.
ගොවියෙක්  - ඒ කාලේ අපි හොදට ගොවිතැන් බත් කරනවා. පහුගිය කාලේ අතහැරුණා. ජනාධිපතිතුමා - ඇයි? ගොවියෙක්  - ඒ කියන්නේ අපේ වැව්වල වතුර නෑ. ඉස්සර කන්න දෙකම කළා. පහුගිය කාලේ වතුර නැතිවුණාට රඳවා ගන්න පුලුවන් වුණා හාරලා. ඒක කරලා දෙනවා කියලා බොරුවට ඇමතිවරු රවට්ටනවා.
මේ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය රුපියල් ලක්ෂ දෙකක මුදලක් COVID-19 අරමුදලට පරිත්‍යාග කළේ ය.