යකාබැදි ඇල්ලේ ගිලී තරුණයන් දෙදෙනෙකු අතුරුදන්

යකාබැදි ඇල්ලේ ගිලී තරුණයන් දෙදෙනෙකු අතුරුදන්

by Staff writer 03-07-2020 | 5:27 PM

COLOMBO (News 1st) – ගිරිඋල්ල, මත්තේගම යකාබැදි ඇල්ලේ ගිලී තරුණයන් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, මිතුරන් පිරිසක් සමග ඔවුන් එම ඇල්ලේ දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. එම ප්‍රදේශයේ පදිංචි 17 සහ 18 හැවිරිදි වියේ පසුවන තරුණයන් දෙදෙනෙක් මෙසේ අතුරුදන්ව ඇත. පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මොවුන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පැවසුවේ ය.