දෛනික කොරෝනා ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළ යාමක්

පළමු වරට දිනක් තුළ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි

by Staff writer 03-07-2020 | 8:55 AM
COLOMBO (News 1st) : ලොව දිනක් තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට ලක්ෂ 2 ඉක්ම ගොස් තිබේ. ඒ ගත වූ පැය 24 තුළෙ නව කොරෝනා ආසාදිතයින් 20 8,314 කු හඳුනා ගැනීමත් සමගයි . වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යවාක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙනි. එරටින් හඳුනා ගැණුනු නව ආසාදිතයින් සංඛ්‍යාව 56,897 කි. ඉන් පසු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනා ගැනුණේ, බ්‍රසීලයෙන් සහ ඉන්දියාවෙනි. බ්‍රසීලයෙන් පමණක් ආසාදිතයින් 47,984 කු සහ ඉන්දියාවෙන් ආසාදිතයින් 21,948 කු හඳුනා ගැනිණ. එම සංඛයාව දැක්වෙන්නේ අමෙරිකාවෙන් සහ ඉන්දියාවෙන් ද දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. රුසියාවෙන් පසුගිය පැය 24 තුළ නව ආසාදිතයින් 6,760 කු හඳුනා ගැනිණ. මීට පෙර වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණේ, පසුගිය පළමුවැනිදා වන අතර එලෙස හඳුනාගෙන තිබූ ආසාදිතයින් සංඛ්‍යාව 197,442කි. ඒ අනුව ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව10,984,000 ඉක්මවීය. ඊයේ දිනය තුළ පමණක් වෛරසය ආසාදනයෙන් 5,144 දෙනෙකුගේ ජීවිත අහිමි වීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 524,000 ද ඉක්මවා තිබේ. මේ වන විට ආසාදිතයින්  6132,961 කු, සුවය ලබා තිබේ.

වෙනත් ලිපි