ව්‍යවස්ථාව සංශෝධනයට රුසියානුවන්ගේ අනුමැතිය

ව්‍යවස්ථාව සංශෝධනයට රුසියානුවන්ගේ අනුමැතිය

by Staff writer 02-07-2020 | 2:19 PM

COLOMBO (News 1st) – සිය ධූර කාලය දීර්ඝ කර ගැනීම වෙනුවෙන් පැවති ජනමත විචාරණයෙන් රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් ඉදිරියෙන් පසු වනබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, පූර්ව මැතිවරණ ප්‍රතිඵලවලට අනුව 76%ට ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ය. 2036 වසර දක්වා ජනාධිපතිවරයාට ධුරයේ රැඳී සිටිය හැකි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම එම ජනමත විචාරණයේ අරමුණයි. ඒ අනුව 2024 වසරේ දී පූටින්ගේ ධූර කාලය අවසන් වීමෙන් පසු ඔහුට වසර 6 බැගින් තවත් ධූර කාල 2ක් බලයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවනු ඇති. ව්ලැදිමීර් පූටින් දශක 2ක කාලයක් රුසියාවේ ජනාධිපති ලෙස කටයුතු කරනු ලබයි. කෙසේ වෙතත් ජනමත විචාරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සෙයි නවෙල්නි විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ නිකුත් වූ ප්‍රතිඵල ව්‍යාජ සහ මුලාවක් බවයි. රුසියන් වැසියන් පුටින් තවදුරටත් ධුරයේ කටයුතු කරනු දැකීමට අකමැති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.