අවශේෂ කැළෑ ඉඩම් රටට අහිමිවෙයිද?

රටේ වටිනා සම්පතක් විනාශවීමේ තවත් අවදානමක් ද මේ?

by Staff writer 02-07-2020 | 9:32 PM
COLOMBO (News 1st) : MCC ආයතනයෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජනාවී ඇති ඩොලර් මිලියන 480 න් කොටසක් වෙන්කිරීමට යෝජනාවී ඇත්තේ ඉඩම් සම්බන්ධ නීති ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහායි. මේ යෝජනාව ඉතා බරපතළ ලෙස සලකා ඇති සමාලෝචන කමිටුව රැස්කරන දත්ත MCC ආයතනය සතුවීම, රටේ ව්‍යවස්ථාව හා නීති කඩවීම වැනි භයානක තත්ත්වයක් ඇතිවීමේ අවදානම මතුකර තිබේ. දැන් MCC සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුවී තිබියදී රටේ වටිනා ඉඩම් පිළිබඳව වෙනත් බරපතල තීරණයක් ගැනීමේ සූදානමක් මතුවී තිබේ. මේ අවදානම පසුගිය දින කිහිපයේම අප අනාවරණය කළේ ය. අවශේෂ කැළෑ ලෙස හඳුන්වන ඉඩම් විවිධ පාර්ශ්වයන්ට හිතුමතේ ලබාදීම සීමා කරමින් 2001 නිකුත්කල චක්‍රලේකයක් අහෝසි කිරීම එම උත්සාහයයි. මේ චක්‍රලේඛය නිසා එවැනි ඉඩම් ලබාදීමේදී විශේෂ සමලෝචන කමිටුවක අවසරය ලබාගත යුතුව තිබිණ. චක්‍රලේඛය අහෝසි කළොත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙම ඉඩම් සම්බන්ධයෙන් බලතල පැවරෙයි. පසුගිය 29 වනදා පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවී මේ අවදානම අනාවරණය කළේ ය. එහිදී මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතා සහ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අතර ඇති වූ සංවාදය පහතින්... ආනන්ද සාගර හිමි:- දැන් මොකක්ද මේ කරන්න හදන්නේ මේ කරන්න හදන්නේ ප්‍රාදේශිය දේශපාලඥයෝගේ ඉදලා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව දාන යෝජනා මේක ගනොපු විදිහත් දන්නවානේ මහත්තයො මේක අහෝසි කරන්නේ නෑ කියන පොරොන්දුව දැන් ඔබතුමාගෙන් ඕන අමාත්‍යංශයේ ලේකම්:- පොරොන්දුවක් දෙන්න බෑ උත්සහ කරනවා මේක තියාගෙන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න ආනන්ද සාගර හිමි:- හැබැයි බැසිල් රාජපක්ෂ මහත්තයා දඩුවම් විදින්නේ නැත නිලධාරින් පමණයි දඩුවම් විදින්නේ දැන් මේ පිළිබඳව තීරණයක් ගැනීම කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන‍ මහතා
''විශේෂයෙන් වියලි කලාපයේ ප්‍රදේශවල හේන් ගොවීන්ට හා ගොවී ජනතාවට විශාල දුෂ්කරතාවලට පත්වෙලා තිබෙනවා සුදුස්සක් කළ හැකි දිස්ත්‍රික් ලේකම්ට තිබුණු ඉඩම් පසුගිය කාලය තුළ චක්‍රලේඛයකින් වන ජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවට පවරලා.එතකොට රජය සතු දිස්ත්‍රික්ක ලේකම්වරයා භාරයේ පැවතුණ ඉඩම් වන රක්ෂණ හා වන ජීවී දෙපාර්තමෙන්තුවට පැවරුවාම කළමනාකරනය ගොවීජනතාවට විවිධ හිංසනයන්ට හා පීඩාවන්ට පත්ව තිබෙන බවට පැමිණිලි රාෂියක් ලැබිලා තිබෙන නිසා ඒ පිළිබඳව විමර්ශනය කොට බලා දිසාපතිවරයාට නැවත පවරා දීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන ලෙස වනජීවී වන සංරක්ෂණ එස් එම් චන්ද්‍රසේන මහතා කැබිනට් මණ්ඩලය දැණුම් දුන්නා''
මාධ්‍යවේදීන් මෙහිදී සම කැබිනට් ප්‍රකාශකවරයා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළේ ය. ප්‍රශ්නය :- වන රක්ෂණ ඇමිතිතුමා ද ඇමතිතුමනි මේක ඉදිරිපත් කලේ කැබිනට් එකට පිළිතුර :- නෑ නෑ අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍ය තුමත් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා වෙත මේ රටේ විශේෂයෙන් දකුණු පළාතේ ගොවිජනතාවගේ ගැටලු වලට විසදුමක් ලෙස තමයි මෙය ඉදිරිපත් කලේ. පනතක් යටතේ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස මෙතෙක් නම් කර නොමැති ප්‍රදේශ අවශේෂ කැළෑ ලෙස හැඳින්වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලීමලේ එරත්න වනාන්තරය, කිරිබත් ගල ,කළුතර දිස්ත්‍රික්කය මොරපිටිය , රුහුණු කන්ද, කෙලින් කන්ද ඇතුළු ප්‍රදේශ අවශේෂ කැළෑ කිහිපයකි. https://www.facebook.com/NewsfirstSL/videos/3093481557412326/