මියන්මාරයේ පතලක නායයෑමක්

මියන්මාරයේ පතලක නායයෑමක්

by Staff writer 02-07-2020 | 2:13 PM

COLOMBO (News 1st) – මියන්මාරයේ ජේඩ් නැමති පාෂාණය ලබා ගන්නා පතලක් නායයෑම හේතුවෙන් මියගිය පුද්ගලයින් 113ගේ සිරුරු ගොඩ ගෙන ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.

අධික වර්ෂාව මෙම අනතුරට හේතු වන්නට ඇතැයි බලධාරීන් සඳහන් කර ඇති බව එම වාර්තාවේ සඳහන් ය. නායෑමට හසු වූ සේවකයින් සොයා තවදුරටත් සහන සේවා කණ්ඩායම් මෙහෙයුම් සිදු කරන බව ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. මියන්මාරයේ උතුරුදිග ප්‍රදේශයේ කචින් ප්‍රාන්තයේ මෙම අනතුර සිදුව තිබේ. ජේඩ් පාෂාණ සැපයුම්කරුවන් අතරින් ලොව ප්‍රධානතම සැපයුම්කරු වන්නේ ද මියන්මාරයයි .