ඡන්දෙන් පසු කරුණා කරන්න යන දේ

ඡන්දෙන් පසු කරුණා කරන්න යන දේ

by Staff writer 02-07-2020 | 10:10 PM
COLOMBO (News 1st) : දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අම්පාර ප්‍රදේශයේදී සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව පසුගියදා දැඩි කතාබහක් ඇතිවිය. ඒ පිළිබඳව දේශපාලන වේදිකාව තුළත් ජනතාව අතරත් මතභේදයක් ඇතිව තිබෙන මොහොතක මඩකළපුව කලවන්චිකුඩි ප්‍රදේශයේ පැවති ජනහමුවකදී කරුණා අම්මාන් මහතා ඊයේ කළ තවත් ප්‍රකාශයක් මේ.
''අපි අපේ පක්ෂය තියාගෙන කේවල් කරමින් ඉන්නවා. ඒ කියන්නේ ආන්ඩු පක්ෂයත් එක්ක.අපිට මෙච්චර අපේක්ෂකයින් මේවා කළොත් තමයි ඔගොල්ලන් සමග එකතු‍වෙන්නේ. ඒවාගේම මඩකලපුවෙන් අපිට අඩුම තරමේ එක නියෝජිතයෙක් හරි ඕනේ. එහෙම වුනොත් තමයි ඔවුන් හරහා මට ඔබට සංවර්ධනය ගේන්න පුළුවන්.සංවර්ධනය අරන් එන හැටි මම දන්නවා. ඔයාලා දන්නවා ලගදී තත්ත්පර 30ක වීඩියෝවක් පරමාණු බෝම්බයක් පිපුරුණා වගේ තිබුණා.ලෝකය පුරාම කරුණා අම්මාන් තමයි.... කරුණා අම්මාන් තමයි... මේ ටීවී එක දැම්මොත් කරුණා අම්මාන් ,අර ටීවී එක දැම්මොත් කරුණා අම්මාන් ,රේඩියෝව දැම්මත් කරුණා අම්මාන්. මම ඒකේ පැයක් කථා කෙරුවා. මම එකේ පොදු ප්‍රශ්න ගැන කථා කෙරුවේ. යුද්ධයේදී අහිමිවීම් ගොඩක් වුණා ඒක සත්‍යක්. ඉදිරියට ඒ වගේ අහිමිවීම් ඕන නෑ. එහෙම කියපු කථාව ඒ එක්කෙනෙක් එඩිට් කරලා ඌම උගේ ඔළුවේ පස් හලාගත්තා වගේ .කවුද ඒ සජිත් ප්‍රේමදාස. එයාව ඌ උසිගැන්නුවා මේක ලොකුවට දලා ගහන්න කියලා.එතකොට මම කිව්වා අඩෝ උඹේ තාත්තා තමයි තුවක්කු 5000ක් දීලා, අත්බෝම්බ 5000ක් දීලා. පතොරම් කෝටියක් දීලා, කෝටි 25කටත් අධික මුදල් දීලා සංවිධානය වර්ධනය කලේ උඹේ තාත්තා තමයි. දැන් සිංහල ජනතාව අතරට යන්න බෑ. කොහොම පැටලුනාද ? මාව සීරුවොත් ප්‍රශ්න කියන එක දැන් එයාට අවබෝධ වෙලා තියෙන්නේ.ඒක තමයි අගමැතිතුමා කියන්නේ කරුණා, කරුණා කියලා ඇයි කෑ ගහන්නේ. කට වහගෙන ඉන්න කියලා එහෙම දැම්මා නිවේදනයක්. ඒ එක්කම නවත්තා ගත්තා.''
කරුණා අම්මාන් ගේ බිරිඳ ද මෙම රැස්වීමට සහභාගි වූ අතර ඇය එහිදී මෙලෙස අදහස් පළ කළා ය.
''මම උසස්පෙළ ගණිත අංශයෙන් ඉගෙන ගන්න කාලේ තමයි මේ අරගලයට එක්වුනේ. මම මහින්ද රාජපක්ෂ මහතාව, ගරු මහින්ද රාජපක්ෂ මහතාව. මමයි මාගේ දියණියයි ගිහිල්ලා හමුවුණා. මෙයා හරහා තමයි ගිහින් හමුවුනේ,අම්මාන් ආවේ නෑ.ඒක දැන් වැරදි විදිහට ලියන්න පටන් අරන්. එතකොට එතුමත් එක්ක මම සෘජුව කථාකළා.අපේ සටන්කාමීන්ට මොනවාද කරලා තියෙන්නේ කියලා මම විවෘතවම ඇහුවා.නමුත් එතුමා මට අදහසක් දුන්නා. සිංහල කාන්තාවන් ගොඩක් ඉන්නවා පාර්ලිමේන්තුවේ.යාපනයේ කාන්තාවනුත් ඉන්නවා.නැගෙනහිර කිසිදු කාන්තාවක් නෑ,එතකොට ඔයා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ ආවට පස්සේ නාමයෝජනා දෙන්න කියලා කිව්වා. එයා තමයි මට මුලින්ම අදහස දුන්නේ මේ ජන්දයට ඉදිරිපත් වෙන්න.'' https://www.facebook.com/NewsfirstSL/videos/2980140935444770/