කංජිපානිගේ සිර කුටියෙන් ජංගම දුරකතනයක් සොයාගනී

කංජිපානිගේ සිර කුටියෙන් යළිත් ජංගම දුරකථනයක් සහ සිම්කාඩ් සොයා ගනී

by Staff writer 02-07-2020 | 3:24 PM
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් සහ සිම්කාඩ්පත් 4 ක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් බූස්ස බන්ධානාගාරයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මේවා සොයාගත් බවයි. මීට පෙර ද ඔහු රඳවා සිටි සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් සොයා ගැනිණ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පැවසී ය.