කංජිපානිගේ සිර කුටියෙන් යළිත් ජංගම දුරකථනයක් සහ සිම්කාඩ් සොයා ගනී

කංජිපානිගේ සිර කුටියෙන් යළිත් ජංගම දුරකථනයක් සහ සිම්කාඩ් සොයා ගනී

කංජිපානිගේ සිර කුටියෙන් යළිත් ජංගම දුරකථනයක් සහ සිම්කාඩ් සොයා ගනී

කර්තෘ Staff writer

02 Jul, 2020 | 3:24 pm

COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් සහ සිම්කාඩ්පත් 4 ක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් බූස්ස බන්ධානාගාරයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මේවා සොයාගත් බවයි.

මීට පෙර ද ඔහු රඳවා සිටි සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් සොයා ගැනිණ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පැවසී ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]