MCC ගිවිසුම කියන්නේ අපි ආරම්භ කරපු දෙයක් නෙමෙයි

MCC ගැන පළවෙනි සාකච්ඡාව කරලා තියෙන්නේ අපේ ආණ්ඩුව නෙමෙයි - සජිත් ප්‍රේමදාස

by Staff writer 01-07-2020 | 9:51 PM

COLOMBO (News 1st) - සුප්‍රකට විකිලීක්ස් හරහා MCC ගිවිසුම පිළිබඳව හෙළි කළ කරුණක් සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පස්වරුවේ අනාවරණය කළේ ය.

මේ අනාවරණයට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වුවේ ය. MCC ගිවිසුම ගැන 2006 වසරේදී සිදු වූ බව කියන සාකච්ඡා සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පිළිතුරු දී තිබේ. විකිලීක්ස් හරහා හෙළි වී ඇතැයි කියන හිටපු අමෙරිකානු තානාපති රොබට් ඕ' බ්ලේක් මහතාගේ පණිවුඩයක් අනුව විපක්ෂකය කබ්රාල් මහතාට මෙම චෝදනාව එල්ල කළේ ය. සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා, 30/06/2020
අර විකිලිස්වලින් අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අමෙරිකාවට ගිය කේබල් පණිවුඩයක තොරතුරු දැන් එළිදක්වලා තියෙනවා .එම්.සී.සී වැඩසටහන ගැන පළවෙනි සාකච්ඡාව කරලා තියෙන්නේ අපේ ආණ්ඩුව නෙමෙයි 2006 ඔක්තෝම්බර් මාසයේ කතා කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ රොබටෝ බ්ලේක් සමග කොහොමද වැඩේ ? දැන් ඉස්සරහට තමයි මේ ඔක්කොම ඇත්ත එළි වෙන්නේ. එතකොට එම්.එම්.සී ගිවිසුම කියන්නේ අපි ආරම්භ කරපු දෙයක් නෙමෙයි. අපි පටන් ගත්ත දෙයක් නෙමෙයි. මේක පටන් අරගෙන තියෙන්නේ වර්තමාන අග්‍රාමාත්‍යතුමා. එවක ජනාධිපති හැටියට කටයුතු කරනකොට. අමෙරිකානු ධූත කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ වෙන කව්රුත් නෙමෙයි අජිත් නිවාඩ් කබ්රාල්. 2006 පිතෘත්තවය දුන්නු එම්.එම්.සී ගිවිසුම ඡන්දේ කාලේ විතරක් බිල්ලෙක් කරලා රටට ටොම්පච ටික කියලා දැන් සාධාරණීකරණය කරනවා
2004 වසරේදී MCC හරහා අමෙරිකාව ශ්‍රී ලංකාවට යම් ආධාර ලබා දෙන්නට අදහස් කර තිබූ බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි. එහි දැක්වෙන්නේ, 2006 වසරේදී ඒ පිළිබඳව කළ සාකච්ඡා සීමා වූයේ එම ආධාර යටතේ කුමන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුද යන්න පමණක් බවයි. විකිලීක්ස් හරහා හෙළිවී ඇතැයි කියන අමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් මහතාගේ පණිවුඩ අනුව 2006 දී සාකච්ඡා වූවායැයි පැවසෙන ආධාර අංශ 2019 දී යහපාලන රජය එකඟ වූ ආධාර අංශවලට වඩා හාත්පසින්ම වෙනස් බව කබ්රාල් මහතා පවසයි. MCC ගිවිසුමට අදාළ කොන්දේසි පිළිබඳව සාකච්ඡා නොකළ බව ද කබ්රාල් මහතා පැවසුවේ ය. කබ්රාල් මහතා අවධාරණය කරන්නේ, මහින්ද රාජපක්ෂ රජය රටට අහිතකර වන හෝ අවදානමක් මතු කරන කිසිදු කොන්දේසියකට එකඟවීමට අදහස් නොකළ බවයි.   https://www.facebook.com/NewsfirstSL/videos/305651990821885/