1, 2 ශ්‍රේණි සහ පෙර පාසල් අගෝස්තු 10 ඇරඹේ

සියලු පාසල්වල 1, 2 ශ්‍රේණි සහ පෙර පාසල් අගෝස්තු 10 වැනි දා ඇරඹේ

by Staff writer 01-07-2020 | 5:23 PM

COLOMBO (News 1st) - දිවයිනේ සියලු පාසල්වල 1 සහ 2 ශ්‍රේණි අගෝස්තු මස 10 වැනි සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, සියලු පෙර පාසල් ද එදින විවෘත කෙරෙන බවය. අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පළමු වසර ලබන 17 වන දාත්, දෙවැනි වසර නේවාසික අධ්‍යන කටයුතු ලබන 31 වැනි දාත් ආරම්භ කෙරෙන බවයි. සියලු ගුරු විද්‍යාලවල පළමු වසර හා දෙවැනි වසර ගුරු සිසුන් සඳහා අධ්‍යන කටයුතු ලබන 07 වැනි දා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.