ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ගැන ඉන්දියාවේ අවධානය

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ගැන ඉන්දියාවේ අවධානය

by Staff writer 01-07-2020 | 8:54 PM

COLOMBO (News 1st) - කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබාදීමේ උත්සාහයක් ගැන වෘත්තීය සමිති අනාවරණය කරද්දී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් ලෙස බලධාරීන් එය හඳුන්වද්දී ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් ඉන්දියාව මේ දිනවල අවධානය යොමුකරමින් සිටි.

ද හින්දු පුවත්පත අද වාර්තා කළේ, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඉල්ලා සිටි සහන කාලසීමවා ගැන මේ දින කිහිපයේම සාකච්ඡා පැවති බවයි. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යලයේත් නවදිල්ලි නුවරදී ඉහළ මට්ටමේත් සාකච්ඡා පැවති බව හින්දු වාර්තාවේ සඳහන් විය. පුවත් වාර්තාවේ සඳහන් වූයේ, මේ සම්බන්ධයෙන් සමීප හා ඵලදායී සාකච්ඡා පැවැත්වෙන බවයි. කෙසේවෙතත් ණය සහන කාලසීමාව හා පසුව ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ක්ෂණික ණය පහසුකම පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නැත. මේ වසරේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය ආපසු ගෙවීමට ඇතැයි පවසන ද හින්දු පුවත්පත පෙන්වාදෙන්නේ ද්වීපාර්ශ්වික සබඳතා මත එම ආපසු ගෙවීම් නැවත සමලෝචනය කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ දරමින් සිටින බවයි. නමුත් සාකච්ඡා කළ නොහැකි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඔක්තෝබර් මාසයේදී ගෙවිය යුතු ඩොලර් බිලියන 1 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරය පිළිබඳව පැහැදිලි නැතැයි එම වාර්තාවේ සඳහන් ය. මේ අතර ශ්‍රී ලංකාව ණය ගැනීම සම්බන්ධයෙන් තව ත් විකල්ප වෙත යොමුවෙමින් ඇතැයි පවසන හින්දු පුවත්පත වාර්තා කළේ, එහි පියවරක් ලෙස චීන සංවර්ධන බැංකුවෙන් ලංකා බැංකුවට ඩොලර් මිලියන 140 ක ණය පහසුකම් ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි. අදියර දෙකකින් මෙම ණය ලබාගැනීම සඳහා ගිවිසුම්ගතවූ බව චීන තානාපති කාර්යාලය අප කළ විමසීමකදී තහවුරු කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/201696041131239/