ඇක්සා ගිවිසුමෙන් රටට අත්වූ ප්‍රතිලාභය කුමක් ද?

රටට කිසිදු ප්‍රතිලාභයක් නැති ඇක්සා ගිවිසුම දැන්වත් අහෝසි කිරීමට නොහැකි ඇයි ?

by Staff writer 01-07-2020 | 10:15 PM

COLOMBO (News 1st) - MCC ගැන තවදුටරත් සංවාදයක් පවතිද්දී මේ මතක් කිරීම ඇක්සා ගිවිසුම ගැනයි...

ඇක්සා, නැත්නම් අත්පත්කර ගැනීම් හා හරස් සේවා ගිවිසුමට අමෙරිකාව සමග ශ්‍රී ලංකාව මුලින්ම අත්සන් කළේ 2007 වසරේදී ය. 2017, ඒ කියන්නේ පහුගිය රජය එය යාවත්කාලීන කරමින් නැවත අත්සන් කර තිබේ. 2007 පිටු 8 ක්වූ ගිවිසුම 2017 දී පිටු 83 ක් විය. මේ පිටු 83 තියෙන්නේ මොනව ද? පිටු 8 ක ගිවිසුම ජනතාවට දැනගන්න ලැබුනත් පිටු 83 ගිවිසුම ජනතාවට විවෘත කළේ නැහැ. මේ විදිහට අත්සන්කරපු ඇක්සා ගිවිසුමෙන් ඇත්තටම අපේ රටට වාසියක් වුනා ද? අවස්ථා කිහිපයකදී අමෙරිකානු හමුදා ගුවන් යානා කටුනායක ගුවන්තොටුපොළ හරහා ඔවුන්ගේ යුද නැව්වලට පහසුකම් සැපයීම සහ තව ත් කිහිපවරක් අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට සේවා සපයන සමාගමක යානා කිහිපයක් පැමිණීම නම් සිදුවිය. ඒ හැර ඇක්සා ගිවිසුමෙන් රටට අත්වූ ප්‍රතිලාභය කුමක් ද? රටට කිසිදු ප්‍රතිලාභයක් නැති ඇක්සා ගිවිසුම දැන්වත් අහෝසි කිරීමට නොහැකි ඇයි ?