COLOMBO (News 1st) - ලක්ෂ්මන් යාපා මහතා මෙවර මාතර දිස්ත්‍රික්කයට තරග කරන්නේ පොදුජන පෙරමුණෙනි.
සිය ගම් ප්‍රදේශය වන හක්මන ඊයේ රාත්‍රියේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා රාජපක්ෂවරුන් වෙනුවෙන් ඔහු කළ කැපවීම් නැවත සිහිපත් කළේ ය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,
වැලි කැටයක් දාලා තියෙනවාද? මේ රැස්වීම ඊයේ පෙරේදා නේද? මහින්ද මහත්තයාගේ රැස්වීම තිබුනේ? මන්ත්‍රීවරු 3 ක් කතා කරා නේ. කතාකරාම හිටගන්න කතාවක් කිව්වානේ. මොකක්ද එකක හිටගෙන හිටපු කට්ටිය ඒගොල්ලන්ට තමයි අපට වැඩ කරන්න වෙලා තියෙන්නේ කියලා. තනිකමටද? මහින්ද රාජපක්ෂ මහත්තයාට තනිකන්දෝෂයක් තිබුනේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පෙනී සිටියා අපි. 2015 ඡන්දේ පක්ෂෙන් දීපු රුපියල් ලක්ෂ 50 නෙවෙයි ලක්ෂ 300 කට වැඩිය වියදම් කරා පිටින් මිනිස්සුන් ගෙනල්ලා මගේ ව්‍යාපාරිකයෝ ටික. ඒ සල්ලි වියදම් කලේ තුට්ටුවට දෙකට මම මහින්ද රාජපක්ෂ මහත්තයා දිනවන්න ඕන නිසා. ශිරන්ති මැඩම්ගේ රැස්වීම මහින්ද මහත්තයාගේ පවුලත් දන්නවා ඈත ඉතිහාසයේ මම මොනවාද කලේ කියලා. මහින්ද මහත්තයාගේ ආරක්ෂක නිලධාරී නෙවිල්ගෙන් ඇහුවා නම් මම ඒ පවුල ආරක්ෂා කරන්න ආණ්ඩුවක් තුළ ඉඳලා කරපු වැඩ මොනවද කියලා ඒගොල්ලෝ හරියට කියයි. ආණ්ඩුව තුළ ඉදගෙන මොනවද කලේ කියලා. ඒ නිසා මහින්ද මහත්තයාත් එක්ක හරියට හිටගත්තේ මම. බැසිල් රාජපක්ෂ මහත්තයාත් දන්නවා. එතනදි තමයි මම බොහෝ අවස්ථාවලදී මට කියන්න බැරි ඒවා තියෙනවා. නඩු වෙලාවේදී ඔය සේරම අවස්ථාවලදී මම මේ ව්‍යාපාරයක් ගෙනිච්චේ ව්‍යාපාරයක් කළේ. ලලිත් වීරතුංග මහත්තයා හිරේ යන්න හදනකොට වීරතුංග මහත්තයා වෙනුවෙන් කරපු දේවල් එතුමාගෙන් ඇහුවානම් කියයි. ප්‍රේමසිරි මහත්තයාට කරපු උදව් කියයි. ගාමිණි සෙනරත් මහත්තයාට කරපු උදව් කියයි. ඒ හිටපු ප්‍රධාන අය මේ සමහර අය රට ඇරලා බේරගත්තේ සමහර අය. ඒ තරම් අපි බැඳීමක් ඇතුව වැඩ කලා. මට කාර්යයක් භාරදුන්නා බැසිල් මහත්තයා. ඒ කාර්ය මම හරියට කළා. ඒක දන්නේ නැති හුඟාක් කට්ටිය ඉන්නවා. දැන් රාජපක්ෂ මහත්තුරුන්ට හරි ආදරෙයි නේ? හැබැයි නිපුන රණවක එනකොට ඇගේ අමාරුයි. නිපුන එනකොට රාජපක්ෂට ආදරයක් නෑ. එයාට විරුද්ධයි. එයා නැතුව යනවා. මම නැතුව යනවා ප්‍රශ්නයක් නෑ. මම නම් මේක තනියෙන් යන ගමනක්නේ හදාගත්තේ. හැබැයි මහින්ද යාපා එක්ක ඇවිල්ලා ඇවිල්ලා මහින්ද යාපාත් ඇතැරියා. හැබැයි එතුමා තනියෙන් දාලා යනවා. එතකොට ගමට ඇවිල්ලා මහින්ද මහත්තයාත් නෑ මමත් නෑ. මේක රැස්වීමක් තියෙනවා. තියලා ඡන්දේ ඉල්ලනවා තමුන්නාන්සේලාගෙන්. මැර වැඩක්නේ මේක. ඉතිං මිත්‍රවරුනි මේක තමා අපේ ගම. මේකේ වෙන අයට නටන්න බෑ
https://www.facebook.com/NewsfirstSL/videos/641110563154607/