COLOMBO (News 1st) - කරුණා අම්මාන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද නැවතත් අදහස් පළ කර තිබේ.
ප්‍රශ්නය,
අග්‍රාමාත්‍යතුමනී පහුගිය කාලේ කරුණා අම්මාන්ගේ පහුගිය කාලේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
කරුණා අම්මාන්ගේ ප්‍රකාශය එයාගෙන්ම තමයි අහගන්න ඕනේ. ඒක වැරදියි කොහොමත් ඉතින් අපි ඒක අනුමත කරන්නේ නෑ. දැන් සී.අයි.ඩී එක විමර්ශනයකුත් කරගෙන යනවා.
අග්‍රාමාත්‍යවරයා අද පෙරවරුවේ දෙමළ මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේ මේ අදහස් පළ කළේ ය.
උතුරු නැගෙනහිර සංවර්ධනය ඇතුළු කරුණු ගණනාවක් එහිදී සාකච්ඡාවට ලක්විය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
1977 න් පස්සේ උතුරු නැගෙනහිරට දැවැන්තම වැඩ කොටසක් කරපු ආණ්ඩුව අපේ ආණ්ඩුව. අපි උතුරේ කරපු සංවර්ධනය පහුගිය අවුරුදු 5 තුළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුළ එහෙම නැත්තම් එක්සත් ජාතික පක්ෂයේ ටී. එන්. ඒ එකේ ආණ්ඩුව තුළ කියලා කිව්වොත් නිවැරදියි. උතුරේ ජනතාවට මොක ද? කළේ. හැමදාම ප්‍රශ්නයක් අරගෙන දේශපාලන වශයෙන් ඉදිරිපත් කර කර හිටියා මිසක් ජනතාවට පළාත සංවර්ධනය කරන්න වතුර ටිකක් දෙන්න පාරක් හදන්න එයාලට පුළුවන්කමක් තිබුනේ නෑ. ඇත්ත වශයෙන්ම යුද්ධය අවසන් වුණාට පස්සේ එක හා සමානව මුල් තැන දුන්නේ උතුරේත් දකුණේ තියෙන තත්ත්වයටම ගේන්න. නමුත් පහුගිය කාලේ ඒක ආපහු ආපස්සට ගියා. ආයෝජකයන්ට ඕනෑම මොහොතක ආරක්ෂාව තියෙනවා අපගේ අවස්ථාවේ එයාලට කලබල වෙන්න ඕනේ නැහැ. තමන් උපයන ආදායම අරගෙන යන්න පුළුවන්. ඒක ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා වෙලා තියෙනවා. වෙලා තියෙන්නෙ හුඟක් අය ඇවිල්ලා එහාට යන්න කැමති නැහැ. ආයෝජකයෝ ඇවිල්ලත් ඉල්ලන්නේ කොළඹින් ඉඩම්. උතුරට යන්න උනන්දු කරව ගන්න ඕනේ. අපි කියන්නේ හැම වෙලාවෙම උතුරට යන්න කියලා.
ප්‍රශ්නය,
අගමැතිතුමනි දෙමළ ජාතික සන්ධානය ළඟදී ප්‍රකාශ කරලා තිබුණා මැතිවරණයෙන් පසු ආණ්ඩුවට සහාය දක්වන්න සූදානමක් පිළිබඳව යම් කිසි කතා බහක් යනවා කියලා. ඒ සහය පිළිගන්න ඔබතුමාල සූදානම් ද?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
ආණ්ඩුවට සහයෝගය දක්වන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඕනෑම කෙනෙකුට විරුද්ධ වෙන්නත් පුළුවන්. ආණ්ඩුවට සහයෝගය දක්වනවනං හොඳයි.
ප්‍රශ්නය,
තුනෙන් දෙකක බලයක් ඔබතුමාලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒක ගන්න බැරි උනොතින් ටී.එන්.එ් කේ සහාය ඔබතුමාලා ගන්නව ද?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
අපි බලමු ඒ වේලාවට. පස්සේ බලන්න ඕන දේවල් නේ ඒවා.
ප්‍රශ්නය,
ඒ කියන්නේ සූදානමින් ඉන්නවා ?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
අපිට ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවකට සහයෝගය දක්වනවා කියන එක එක එක ඉෂූ එකක්නෙ. දැන් අපිත් විපක්ෂයේ ඉන්න කොට සමහර ඒවට අපි නිහඬ වෙනවා. සහයෝගය දක්වනවා. සමහර ඒවට විරුද්ධ වෙනවා. ඒ අයිතිය පක්ෂයට තියනවා.
ප්‍රශ්නය,
නැගෙනහිර පළාතේ පුරාවස්තු සම්බන්ධයෙන් ජනාධිපති මේකක් ආරම්භ කළා. ඒකෙ දෙමළ හෝ මුස්ලිම් ජනතාව කවුරුවත් සහභාගි කරලා නැහැ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
මේකෙ මේ ඔක්කොම වැඩ කරන්නේ කවු ද? උතුරේ වැඩ කරන්නේ නැගෙනහිර වැඩ කරන්නේ ටාස් ෆෝර්ස් එකක් හිටියත් දෙමළ නිලධාරීන්. මුස්ලිම් නිලධාරීන් තමයි වැඩ කරන්නේ ඒ පළාත්වල. අවසාන ක්‍රියාත්මක වෙන්නේ එයාලගෙන්.
ප්‍රශ්නය,
ඡන්දෙන් පස්සේ පළාත් සභා ක්‍රමයේ යම් කිසි සංශෝධනයක් සිදු කරන්න බලාපොරොත්තුවක් තියනවා ද?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
3 න් 2ක් ඕනේ, මේ කට්ටිය මොකක්ද වෙනසක් කළානේ. අපි දුන්නු පළාත් සභාවේ ඒකත් නැති කරලා දාලා ඡන්ද ක්‍රමය වෙනස් කරලා මොකක්ද ලෙඩක් දාගෙන තියනවා. ඉතිං ඒක හින්දා අපි අනිවාර්යෙන්ම පළාත් සභා තියනවා. හැකි ඉක්මණින් ඉතිං ඒක කරන්නත් මැතිවරණ ක්‍රමවේදය වෙනස් කරන්න 3 න් 2ක් අවශ්‍ය වෙයි කියලා මම හිතනවා.
ප්‍රශ්නය,
ඡන්දෙන් පස්සේ ආණ්ඩුවට එකතු වෙන පක්ෂ හා විශේෂයෙන්ම දෙමළ පක්ෂ හා නායකයන්ට දෙන්න මොකක් හරි ප්‍රතිලාභයක් මොකක් හරි තියනවා ද?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
අපි හිතලවත් නෑ තාම.
ප්‍රශ්නය,
එහෙම ඉල්ලීමක් මොකක්හරි දැනට ඇවිල්ලා තියනවාද දැනට ?
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
කාගෙන්වත් ඇවිල්ලා නෑ තාම. නෑ කිසිම සාකච්ඡාවක් නෑ දැනට. ඔක්කොම තම තමන්ගේ දේශපාලනය කරගෙන යනවා මිසක් තාම සාකච්ඡා කරන්න වෙලාවක් වුණේ නෑ
හමුවෙන් අනතුරුව යාපනයේ සිට පැමිණි මාධ්‍යවේදීයෙකු අග්‍රාමාත්‍යවරයාට අඹවලින් සංග්‍රහ කළේ ය.
https://www.facebook.com/NewsfirstSL/videos/264988538124997/