විදුලිබලය නංවන්න ඉන්දියාවෙන් අ. ඩොලර් මි. 100ක්

විදුලිබලය නංවන්න ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආධාරයක් - මහින්ද අමරවීර

by Staff writer 30-06-2020 | 4:17 PM

COLOMBO (News 1st) - පුනර්ජණනීය බලශක්ති ව්‍යාපෘතියක් වෙනුවෙන් ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආධාරයක් ලැබී ඇතැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ප්‍රධාන වශයෙන් කාර්යාලවල සහ රාජ්‍ය ගොඩනැගිලිවලට මෙම වියදමින් සූර්ය කෝෂ සවිකිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ, අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. තව ද විදුලිය නොමැති පවුල් 12,500 කට නොමිලේම සූර්ය බල කට්ටලයක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. මීට අමතරව විදුලි බලය තිබුණත් අඩු ආදායම්ලාභී පවුල් වෙතත් නොමිලේම සූර්ය බල කට්ටලයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.