විද්‍යා පීඨ විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ

විද්‍යා පීඨ විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ

by Staff writer 30-06-2020 | 11:40 AM

COLOMBO (News 1st) : විද්‍යා පීඨ යළි විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, විද්‍යා පීඨ ආරම්භ කරන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි. නේවාසිකාගාර සෞඛ්‍යය රෙගුලාසිවලට අනුකූලව සකස් කිරීමෙන් පසු ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ද අමාත්‍යාංශය පැවසුවේ ය. ඒ අනුව නේවාසිකාර සකස් විය යුතු ආකාරය පිළිබඳ සියලු උපදෙස් මේ වනවිට සියලු පීඨාධිපතිවරුන්ට යොමු කර ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර පුහුණුවීම් සඳහා පාසල්වලට විද්‍යා පීඨ ගුරුවරුන් අනියුක්ත කිරීම පාසල්වල ප්‍රාථමික අංශ ආරම්භ කිරීමෙන් පසු තීරණය කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය.