by Staff writer 30-06-2020 | 9:00 PM
COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 4 දෙනා රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් ලද තවත් තොරතුරු අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් පොලිස් පරීක්ෂකවරයෙකු පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මේ වන විට අත්අඩංගුවට ගත් නිලධාරීන් 4 දෙනාගේ සේවය අත්හිටුවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, සේවය අත්හිටවූ නිලධාරින් අතර උප පොලිස් පරික්ෂකවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් සිටින බවයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකුණු බව කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අතුළු නිලධාරීන් 4 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා භාර දුන්නේ ය.