කාබනික කෘෂි නිෂ්පාදන සඳහා හවුල්කාරී වැඩසටහනක්

කාබනික කෘෂි නිෂ්පාදන සඳහා රාජ්‍ය හා පෞ. හවුල්කාරීත්වයකට

by Staff writer 30-06-2020 | 9:10 PM
COLOMBO (News 1st) : මහවැලි F කලාපයේ කාබනික කෘෂි නිෂ්පාදන සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනකට එළැඹිමට රජය තීරණය කර තිබේ. මොරගහකන්ද කළුගග මහවැලි F කලාපය කාබනික කෘෂිකාර්මික නිෂ්පාදනයන් සදහා තිරසර සංවර්ධන කලාපයක් ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කෙරුණේ පසුගිය සිකුරාදායි. 1979 වසරේ වෙන්කෙරෙන මහවැලි F කලාපය මොරහකන්ද හා කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය හරහා පෝෂණය වන්නකි. පසුගිය සිකුරාදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මහවැලි F කලාපයේ කළුගඟ යටතේ සංවර්ධනය වන කොටස කෘෂි රසායන හා කෘමිනාශකවලින් තොර කාබනික එළවළු හා පළතුරු වගාවන් සඳහා වෙන් කෙරෙයි. බෝග වගාවට අවශ්‍ය කාබනික පොහොර කලාපය තුළම නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත අතර එතෙක් රජය මගින් ගොවීන්ට සැපයීමට නියමිතයි. ගැසට් නිවේදනයට අනුව කාබනික නිෂ්පාදන සහතික කර සෘජු නිෂ්පාදන මෙන්ම අගය එකතු කළ නිෂ්පාදන ලෙස දේශීය හා විදේශිය වෙළඳපොළට යැවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම නියමිත වේ. එම නිෂ්පාදන මහවැලි නකල්ස් කාබනික නිෂ්පාදන ලෙස නම් කෙරෙනු ඇති. ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ කාලාපය කෘෂි සංචාරක කලාපයක් ලෙස ද සංවර්ධනය කරන බවටයි. https://www.facebook.com/NewsfirstSL/videos/952556801840733/