අරන්තලා භික්ෂු ඝාතනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අරන්තලා භික්ෂු ඝාතනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by Staff writer 30-06-2020 | 9:46 PM
COLOMBO (News 1st) : අරන්තලාව භික්ෂු ඝාතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සම ගොනු කළේ, එම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ජූජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසිනි. 1987 ජුනි 02 වනදා සිදුකළ ප්‍රහාරයට වගකිව යුතු දැනට ජීවත්ව සිටින පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිමය පියවර ගන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා තිබේ. එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු තමන්ට රුපියල් මිලියන 20 ක වන්දියක් ගෙවීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා නම්කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/300371324662133/