අගෝස්තු 1 ගුවන් තොටුපොළ විවෘත කරයි ද?

අගෝස්තු 1 ගුවන් තොටුපොළ විවෘත කරයි ද?

by Staff writer 30-06-2020 | 8:10 PM
COLOMBO (News 1st) : කොරෝනා නිසා බිඳ වැටුණු ආර්ථිකය ගොඩ නැංවීමේ අරමුණින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගෝස්තු 1 වැනිදා විවෘත කිරීමට ගත් තීරණය මේ වනවිට වෙනස් කර තිබේ. සාමන්‍ය තත්ත්වයෙන් සංචාරකයින් රටට ගෙන්වා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් නිසි දැනුම්දීමක් සිදු කර නොමැති බව ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පවසයි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සංචාරක කර්මාන්තය ආරම්භ කරන්නේ නම්, ලොව පුරා රෝගයේ තියෙන පැතිරීමේ ස්වභාවය ට්‍රෙන්ඩ් එක පිළිබඳව අධ්‍යනයක් සිදුකළ යුතු බවයි.
''සංචාරක කර්මාන්තය ආරම්භ කරනවා නම් ලොව පුරා රෝගයේ තියෙන පැතිරීමේ ස්වභාවය ට්‍රෙන්ඩ් එක ගැන අධ්‍යනයක් සිදුකල යුතුයි.++අපි මුලු ලෝකෙටම එකපාර රට විවෘත කරනවද? නැත්තම් නවසීලන්තය වගේ සංචාරක කොවිඩ් වසංගතය හොදින් මර්ධනය කරපු රටවල් වලට අපේ රට විවෘත කරනවද සංචාරකයින්ට කියන එක අධ්‍යනයක් සිදු වියයුතුයි.එතකොට මහ මැතිවරණයට පෙරද පසුද කියන කාල වකවානුව පිලිබදවත් යම් කිසි අධ්‍යනයක් සිදු කල යුතුයි කියලා අපි හිතනවා. ඒ එන සංචාරකයන් පරීක්ෂණ කල යුතු ආකාරය ඔවුන් නිරෝදායනය කරන ආකාරය එම කණ්ඩායම් කණ්ඩායම් වශයෙන්ද සංචාරකයින් ලෙසද රටට ඇතුල්වෙන්න දෙන්නේ? නැත්තම් තනි පුද්ගලයින් විදිහටද? එහෙම එන සංචාරකයෙක්ට වෛරසය තියෙනවා කියලා දැනගත්තෝත් ප්‍රතිකාර කරන රෝහල් මොනවාද? ඒ විදිහට සංචාරකයෙක් ඇවිල්ලා පොසිටිව් කියලා දැනගත්තොත් එයා ආශ්‍රය කල පුද්ගලයන් හඳුනාගන්නා ක්‍රමවේදය අපේ දැනට ශක්තිමත්ද කියන දේ පිලිබඳවත් අධ්‍යනය කල යුතුයි''
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක උදය ගම්මන්පිල පවසන්නේ කොරෝතා වසංගත තත්ත්වය රට තුළ සාර්ථකව මර්දනය කර ඇති බවයි.
''දින 59 ක් ලංකාව සමාජයෙන් කොරෝනා රෝගී හම්බවෙලා නෑ ඒක එහෙම නෑ කියන්න ඉතින් නෑම තමයි.වෙන කොහෙන්හරි පිටරටකින් හොරෙන් රිංගාගත්තොත් මිස.තමයි ලංකාවේ අපි මෙහෙම නිදහසක් භුක්ති විඳිද්දී.. අහල පහල ඉන්න කෙනාගෙන් කොරෝන හැදෙයි කියලා බයක් කාටවත් නෑනේ නෑ නේ .ඒක නෙමේ නෙමේ කිටි කිටියෙ ඉන්නේ දෙයියනේ. හැබැයි අපි මෙහෙම නිදහසක් භුක්ති විඳින අතරේ මුළු ලෝකෙම කොරෝනා වසංගතය වසංගතයෙන් ජීවිතේ ජීවිතය මරණය අතර සටනක යෙදිලා ඉන්නවා අපේ රටේ මේ දක්වා වාර්තා වන රෝගීන් දෙදහස් ගණනක් අපේ ආසන රට ඉන්දියාවේ දිනකට වාර්තාවෙනවා කොරෝනා රෝගීන් පහළොස් දාහක් විසිදාහක් අතර ප්‍රමාණයක් ඉන්දියාව හොඳයි එංගලන්තේ එක්ක බලද්දි''
හිටපු මන්ත්‍රීවරයා එසේ පැවසුවත් යුරෝපා සංගමයේ රටවලට ඇතුළුවීමට පැනවූ සීමා ලිහිල්කළ ලේඛනයට ශ්‍රී ලංකාව ඇතුළත් කර නොමැත. ඔවුන් සීමා ලිහිල්කල රටවල් 15 ක් ප්‍රසිද්ධ කර තිබේ. සර්බියාව , තායිලන්තය , ටියුනීසියාව , ඇල්ජීරියාව , උරුගුවේ , රුවන්ඩාව සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 15 ක් ඊට ඇතුළත් වේ. මෙම රටවල සිට පැමිණෙන්නන්ට ලබන මස 1 වැනිදා සිට යුරෝපයට ඇතුළු විය හැකියි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රශ්න කර සිටින්නේ,  කොවිඩ් පාලනයේදී ලෝකේ රටවල් අතරින් සාර්ථකත්වය පළමු රටවල් 5 අතරට ශ්‍රී ලංකාව තේරී තිබියදී ත් නිදහසේ ගමන් කිරිමට සඳහා ඉඩදෙන රටවල් තේරීමේදී ශ්‍රී ලංකාව එම ලැයිස්තුවෙන් හැළුනේ මන්දැයි, ප්‍රශ්න කර සිටී.
''අපේ රට මේ කොවිඩ් එකේ උච්චතම අවස්ථාවේ ලෝකේ රටවල් සියල්ල අතරින් සාර්ථකත්වනේ හොඳම පළවෙනි රටවල් 5 අතරට අපි තේරුණා. හොඳ රටවල් තෝරද්දි ඒ අයට නිදහසේ ගමන් කිරීමට සදහා ඉඩදෙන්න රටවල් තෝරද්දි ඇයි ශ්‍රි ලංකාව මේ ලැයිස්තුවෙන් හැලුනේ. අපි ඒ සංගමය ඇයි ලංකාව සම්බන්දයෙන් මේ විදිහට කටයුතු කරන්නේ? ඉතිං ඒ නිසා යුරෝපා සංගමයට මේ අවස්ථාවේදි ඇගිල්ල දික් කරනවා වගේම අපිට සිද්ධ වෙනවා අපේ රටේ බලධාරින්ටත් මේ සම්බන්දයෙන් කියන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයට, විදේශ කටයුතු අමාත්‍යාංශය තමන්ගේ යුතුකම වගකීම හරියට කලාද?  https://www.facebook.com/NewsfirstSL/videos/670810230136419/