ඉඩම් කොල්ල කෑමේ සූදානමක් ගැන කතාබහක්

රජයේ ඉඩම් කොල්ල කෑමේ සූදානමක් ගැන කතාබහක්

by Staff writer 30-06-2020 | 6:15 PM

COLOMBO (News 1st) - සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය හා වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය ඊයේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට පැමිණ තිබේ.

ඒ, දිස්ත්‍රික් ලේකම්වරු යටතේ ඇති ඉඩම් පරිහරණයට අදාළ 5/2001 චක්‍රලේඛනය අහෝසි කර රජයේ ඉඩම් කොල්ල කෑමේ සූදානමක් පිළිබඳව සාකච්ඡා කිරීමටය. සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය වෙනුවෙන් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැමිණි අතර වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය. මෙම පිරිස බොහෝ වේලාවක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් ඒ. එච්. සරත් විජේසිංහ මහතා සමග සාකච්ඡාවක නිරත විණි. https://www.facebook.com/NewsfirstSL/videos/199423238055420/