COLOMBO (News1st) : මෙවර පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක් වැය වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු මේ බව අනාවරණය කළේ, මහ මැතිවරණ සුදානම පිළිබඳව අද කොමිෂන් සභාවේ පැවති මධ්‍ය හමුවකදීයි.
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ජුලි මස 13, 14, 15, 16, 17 දිනවලදි පැවැත්වීමට සූදානම් කර තිබේ.
ඒ දිනවලට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන අය සඳහා ජුලි 20 සහ 21 දිනවල තැපැල් ඡන්ද ලකුණු කිරීමට අවස්ථාව හිමිවනු ඇති.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ,
කොවිඩ් වසංගත තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වීම සම්බන්ද මාර්ගෝපදේශ ලබන සතිය තුළ ගසට් කිරීමට බලාපොරොත්තු වන බවයි.
''කොවිඩ් වසංගත තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වීම සම්බන්ද මාර්ගෝපදේශය මේක තවම රේගුලාසි හැටියට ගැසට් කරලා නෑ කොරන්ටීන් ඇක්ට් එක යටතේ අපි බලාපොරෝත්තු වෙනවා ලබන සතිය තුළ ගසට් නිවේදනයට. මේ මාර්ගෝපදේශවල බැලු බැල්මට ජන්දේ තියන්න බෑ වගේ තමයි පෙන්නේත මුලික කරුණු තුනමුඛ ආවරණ පැළදීම නිතර සැනටයිස් කිරීම නැත්නම් සබන් යොදා අතසේදීම මීටරේ දුර තබාගැනීම. අපේ ඡන්දය ඔහොම තමයි කරන්න වෙන්නේ මේ අත විතරක් නෙවෙයි මීටරයක දුර තියාගන්න වෙනවා අපි මේ තත්ත්වය තුළ කොහොමද 20 යි 20 පන්තිකාමරය තුළ ඡන්දය තියන්නේ. පුංචි ප්‍රජාමණ්ඩලවල කොහොමද තියන්නේ එක අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. බෑ කියලා දෙයක් නෑ තියන්නම ඕනේ. ලොකේ කැරකෙවෙන එක නතර වුනොත් හරි සෙමින් කැරකුනොත් හරි තමයි අපිට ඡන්දේ නොතියා ඉන්න වෙන්නේ. නැත්නම් අපි අනිවාර්යෙන් අගොස්තු පන්වෙනිදා ඡන්දේ තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා වසංගතය අපිට කඩා වැටෙන එකක් නෑ කියලා''
මෙවර මැතිවරණයේ ඡන්ද ගණනන් කිරීම මැතිවරණය පැවැත්වෙන අගොස්තු මස 05 වැනි දින සිදු නොකරණ අතර අගොස්තු මස 06 වැනිදා උදේ 08 සිට ජන්ද ගණන් කිරිමට සැලසුම් කර තිබේ.
ඒ අනුව පළමු ජන්ද ප්‍රථිලය අගොස්තු මස 06 වැනිදා සවස 04 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම විශ්වාසය පළ කළේ ය.
මේ අතර මැතිවරණ නීති කඩන අපෙක්ෂයක්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම අවධාරණය කළේ ය.
''අමාත්‍ය ධුර නොදරන හිටපු සමහර අමාත්‍යවරු තමන් සතු මාර්තු දෙවෙනිදා තුන්වෙනිදා භාරදියයුතු වාහන තමන් ළඟ තියොගෙන ඉදලා ඊට පස්සේ කිව්වා ඒවා මාර්තු මාසේ තියන් ඉන්නවා නම් ලකෂයක් දෙන්න ඕනේ කියලා එවත් නොගෙවා පස්සේ අපි කිව්වා මැයි මාසේ එහෙම තියා ගන්න බෑ. රාජ්‍ය ඇමතිවරු කියලා ජාතියක් දැන් නෑ. කියලා තවත් තියාගෙන ඉන්න අය ඉන්නවා ඒවා අතඩංගුවට ගන්න වාහන 5 කට වැඩි සංඛ්‍යාවක් අත්තඩංගුවට ගන්නැයි කියලා අපි ලියලා තියෙනවා. ඒ අත්තඩංගුවට අරගෙන ඔප්පු උනොත් එතුමන්ලා අන්සීට් විමට තියෙන වාසිය වැඩියි''
https://www.facebook.com/NewsfirstSL/videos/299881117870731/