ක්‍රීඩා ලෝලීන්ගේ ආශිර්වාදය නැත්නම් අද මම මෙතන නැහැ – මුරලිදරන්

ක්‍රීඩා ලෝලීන්ගේ ආශිර්වාදය නැත්නම් අද මම මෙතන නැහැ – මුරලිදරන්

ක්‍රීඩා ලෝලීන්ගේ ආශිර්වාදය නැත්නම් අද මම මෙතන නැහැ – මුරලිදරන්

කර්තෘ Staff writer

30 Jun, 2020 | 4:35 pm

COLOMBO (News 1st) – 21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව මගින් නම් කළ හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඊයේ(30) නුවරඑළියේදී උපහාර පුද කර තිබුණි.

මුත්තයියා මුරලිදන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභී පන්දු යවන්නා වන මුරලි ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස වැඩිම කාලයක් වාර්තා අතර රැඳී සිටි ක්‍රීඩකයා ද වීම විශේෂත්වයකි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුත්තයියා මුරලිදරන් පැවසුවේ මෙම තත්ත්වයට පැමිණීමට තමන් හට විශාල පිරිසක්උදව් කළ බවය.

ඒ වගේම කණ්ඩායම තුළ සිටි නායකයින්ද මතක් කළ මුරලිදරන් පැවසුවේ විශේෂයෙන්ම ඔහුව බේරාගත් කෙනෙකු ලෙස අර්ජුන රණතුංග විශාල සහෝයගයක් ලබා දුන් බවය.

“මේක ලැබෙන්නේ මං විතරක් තනියෙන් නෙවෙයි. ගොඩක් අය මට උදව් කරලා තියෙනවා. ක්‍රීඩකයෝ ඒ ගොල්ලන්ගේ උදව් නැතුව මට මේ තත්ත්වටය එන්ඩ බෑ. ඒ වගේම කැප්ටන්ස්ලා. ඒ ගොල්ලන් යටතේ මං ක්‍රීඩා කරලා තියෙනවා. ඒ ගොල්ලන් ඔක්කෝම ඉතාමත් සහයෝගයක් මට දීලා තිනෙවා. ස්පෙෂලි අර්ජුන මගේ ප්‍රොබ්ලම්ස්වලට ගොඩාක් මූණ දීලා මාව බේරා ගත්ත එක්කෙනෙක්”

ඒ වගේම ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයට ද සිය ස්තුතිය පළ කළේය.

ක්‍රීඩා ලෝලීන්ගේ අනගි සහය ද මතක් කළ මුරලි පැවසුවේ ඔවුන්ගේ ආශිර්වාදය නොමැතිව මෙවැනි තත්ත්වයකට පැමිණිය නොහැකි බව ය.

“ඒ වගේම ක්‍රිකට් බෝඩ් එකටත් මං ස්තූති කරන්ඩ ඕනෙ. ඒ වගේම ජනතාවටම. ඒ ගොල්ලන්ගේ ආශිර්වාදය නැතුව මට මේ තැන ඉන්ඩ බෑ. අද මං කතා කරන්නෙත් ඒ ගොල්ලන් හින්දා තමයි. ජාති භේද තොරව මං දෙමළ ජාතිකයෙක්. නමුත් හදවතින්ම ඔක්කෝමලා ලංකාව ඉඳලා ඔක්කෝලාම මට සපෝර්ට් කරා”

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මුත්තයියා මුරලිදරන් මෙසේ කියා සිටියේය.

“ඒ වගේම මම හිතනවා මේක ලොකු දෙයක් කියලා ලංකාවටත් මේ වගේ වෙලාවක මේක ලැබුණ එක කියලා මට හිතෙනවා. ඒකෙන්ම පෙන්නන්ඩ පුළුවන් ලෝකෙටම මම ටැමිල් වෙලත් ඔක්කෝම මේ රටේ එකමුතු වෙලා ජීවත් වෙලා මට චාන්ස් එකක් ලැබුණ එක හින්දා එකමුතුව හින්දා තමයි චාන්ස් එකක් ලැබුනේ. බෙදීමක් දැන් නෑ කියලා අපිට පෙන්නන් පුළුවන් මේකෙන්”

මෙරට ක්‍රිකට් ක්‍රිඩාවේ අනාගතය පිළිබඳ මුත්තයියා මුරලිදරන් කිවු දේ…

ජනප්‍රියතාවයෙන් ඉහලින්ම වැජඹුණ මෙරට ක්‍රිකට් ක්‍රිඩාවේ අනාගතය පිළිබඳ මුත්තයියා මුරලිදරන් කිවු දේ…https://youtu.be/TfAK1_eVjCM#lka #News1st #FormerTestCricketer #SriLankanTeam #MuttiahMuralitharan #NDB

Posted by Newsfirst.lk on Tuesday, June 30, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]