COLOMBO (News 1st) - ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බවත් ඩොලර් මිලියන 10 ක් ලබාගෙන ඇති බවටත් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ MCC කමිටු වාර්තාව මගින් පැවති යහපාලන රජය වෙත නගා ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය අද පස්වරුවේ අවධාරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය MCC විසින් ශ්‍රී ලංකා රජයට කිසිදු මුදලක් නිදහස් කර නොමැති බව ප්‍රකාශ කර ඇති බවය.
මෙම ප්‍රකාශය මගින් කමිටු වාර්තාවේ විශ්වාසනීයත්වය ගැටලුකාරී තත්ත්වයකට පත්වන බව එම නිවේදනයේ දැක්වේ.
එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, මැතිවරණ කාලසීමාවක ජනාධිපතිවරයා සහ රජය එක්සත් ජාතික පක්ෂයට අපහාස කිරීම සඳහා නිල සම්පත් භාවිත කරන බව ඔවුන්ගේ අනුමානය බවය.
පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ සමයේදී මෙම MCC ගිවිසුම සම්බන්ධයෙන් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් ජනතාව මුලා කළ අතර දැන් නැවතත් මේ මැතිවරණයේදී ද එම ක්‍රියාවෙහි යෙදෙමින් ජනතාව මුලා කිරීමට සුදානම්වන බවට එත්සත් ජාතික පක්ෂය චෝදනා නගා තිබේ.
ඔවුන් අවධාරණය කරන්නේ MCC ගිවිසුම අත්සන් කරන්නේ ද? නොකරන්නේ ද? යන්න පිළිබඳව රජය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කරන ලෙසය.
