හයිද්‍රාබාද් තවත් දින 15 ක් වසා දැමීමේ තීරණයක

COVID-19 නිසා ඉන්දියාවේ හයිද්‍රාබාද් තවත් දින 15 ක් වසා දැමීමේ තීරණයක

by Staff writer 29-06-2020 | 8:26 AM

 News 1st -  COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රාන්තය තවත් දින 15 ක් පමණ වසා දමා තැබිය යුතු බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

තෙලන්ගනා ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය කේ චන්ද්‍රෙෂ්කර් රාඕ ප්‍රකාශ කළේ, කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් කලබල විය යුතු නොමැති අතර ප්‍රතිකාර සඳහා අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි. ඉන්දියාවේ මේ වනවිට COVID-19 අසාදිතයින් 549,197 ක් සහ මරණ 16,487 ක් වාර්තා වේ. චීනයේ බිජිංහි කොරෝනා ව්‍යාප්තිය හමුවේ මිලියන බාගයක් ජනතාව වෙසෙන ප්‍රදේශයක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. චීනය කොරෝනා වෛරසය මැඩපවත්වා තිබූ පසුබිමක චීනයේ බිජිංහි නව COVID-19 අසාදිතයින් 100ක් පමණ වාර්තාවී ඇති බව සඳහන් ය. මෙලෙස නව ආසාදිත පොකුර වාර්තා වන්නේ හුබෙයි පළාතේ අසල්වැසි ප්‍රාන්තයෙන් ය. බිජිං සිට කිලෝමීටර් 150 ක පමණ ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තා වේ. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,237,945 ක් වාර්තා වන අතර 504,076 දෙනෙකු COVID-19 අසාදනය වීමෙන් මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ COVID-19 අසාදනය වූවන්ගෙන් 5,547,527 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

වෙනත් ලිපි