ප්‍රභාකරන්ට අවි ආයුධ දුන්නා ද?

ප්‍රභාකරන්ට අවි ආයුධ දුන්නා ද? - ගාමිණි ජයවික්‍රමගෙන් දැනගමු...

by Staff writer 29-06-2020 | 8:13 PM

COLOMBO (News 1st) - කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් මහතා පසුගිය දා කළ ප්‍රකාශයක් මේ වනවිට විවාදාත්මක තත්ත්වයකට පත්ව තිබේ.

මේ ප්‍රකාශයෙන් පසුව ඒ කාලයේ එල්ටීටීඊ සංවිධානයට ආයුධ දුන් බව කියන සිද්ධියක් ගැනත් අදහස් පළවිය. හිටපු අමාත්‍යවරයෙකු වන ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ පස්වරුවේ කටුගම්පොළ පැවති රැස්වීමකදී මේ අතීත සිදුවීම ගැන පැහැදිලි කළේ ය.
වර්ධරාජා පෙරුමාල් ඊයේ පෙරේදා ප්‍රකාශක් කරනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් කියනවා වර්ධරාජාට අවි ආයුධ දුන්නේ දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමාලු. දැන් ඒ කාරණය එළි කරන්නම්. මම ඉන්දියන් ගිවිසුමත් එක්ක ලංකාවේ පළාත් සභා ඇති කරද්දී ගිවිසුමක් ගැහුවා ප්‍රභාකරන් ප්‍රජාතන්ත්‍රවාදයට එනවා කියලා. ඉන්දියන් රජය එක්කයි මේ විදයට ක්‍රියා කළේ.ඒක ඉන්දියන් හමුදා ඝාතන වැඩපිළිවෙළකටත් ගියා. එතුමා ජනාධිපති අපේක්ෂකයා විදියට කිව්වා ඉන්දියන් හමුදා එළියට යවනවා කියලා. ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඊට පස්සේ බලයට පත් වෙලා ඉන්දියන් හමුදාවට දුන්නා දිනයක් යන්න කියලා ලංකාවෙන්. ඒ අය හිටියා නම් ඉන්නවා දිගටම. ඇත්ත වශයෙන්ම ප්‍රභාකරන්ට වඩා භයානක තත්ත්වයක්. ඒ වේලාවේ වර්දරාජා පෙරුමාල් අපි ප්‍රධාන ඇමතිවරු මං කිව්වා හදිසි වෙන්න එපා ඒකීයභාවය තුළ ඔයා ඉල්ලන් මම සහය දෙනවා. වර්දරාජා පෙරුමාල්ට ඉන්දියන් හමුදාව ඉගැන්නුවා උඹේ හමුදාව ඇති කරපන්, උඔ කරපන් ජාතික ලාංකික කොඩිය වෙනුවට උතුරු නැගෙනහිර කොඩියක් ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී මෙතන ඇති වුණා. පිටිපස්සෙන් ඉන්දියන් හමුදාව මේක කරන්නේ. එ් වෙලේ ප්‍රේමදාස ජනාධිපතිතුමා අපේ හමුදාව මේකට විරුද්ධව යවන්න ලෑස්ති වුනේ නෑ. ගිවිසුම් තියෙන හින්දා. අපේ අය යෑම තහනම්. ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ගහපු ගිවිසුමත් එක්ක. අන්න ඒ වේලාවේ මම වගකීමෙන් කියන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් කරමින් තිබුණා සාම වැඩපිළිවෙළකට එන්න ප්‍රභාකරන් වෙනම තුන්වැනි පන්තියකින්. කරිකාලන් එදා හිටිය කෙනෙක්. කරිකාලන් එයා මරුණා. එතකොට මේ වේලාවේ ඔය අපි කතා කරන අපේ වර්ධරාජා පෙරුමාල් එක්ක. මේ ඝට්ටණය කෙනෙක් විදියට තමයි මේ එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා අවි ආයුධ දුන්නා තමා ඒ දුන්නේ කෙළින්ම ඉන්දියන් හමුදාවට ගහලා අර කට්ටියව පරාජය කරලා වර්ධරාජා පෙරුමාල්ගේ හමුදාව ඒක කළා. ඒක කරලා ඉන්දියන් හමුදාවට යන්න වුණා. එතැනින් පස්සේ තමයි ඔය කියන අවි ආයුධ අරගෙන මේ අය කළේ කුපාඩිකමක්. මේ අය අවි ආයුධ අරගෙන අර අපේ මඩකලපුව පොලීසියේ රාලහාමිලා 600 ක් මැරුවා. තව මැරුවා ඒ වගේම විශාල පිරිස්. එක කටින් පිපිරුවේ එහෙමයි. මේ තත්ත්වය තුළ තමයි එදා අවි ආයුධ දීලා ඉන්දියන් හමුදාව ඇරියේ.
https://www.facebook.com/NewsfirstSL/videos/294718624985262/