COLOMBO (News 1st) - අනවශ්‍ය අයට ඡන්දය ලබා දුන්නොත් ඔබට ඔබේ සම්පත් අහිමිකර ගන්න සිදුවන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.
ඔහු මේ බව පැවසුවේ මඩකලපුවේදී අද පැවති මාධ්‍ය හමුවකදීය.
එක්සත් ජාතික පක්ෂය කැඩී ඇති බව විනායගමූර්ති මුරලිදරන් මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විනායගමූර්ති මුරලිදරන් මහතා මෙසේ කියා සිටියේය.
"ඔබ වටහාගත යුතුයි මේ ආණ්ඩුව , අපගේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වසර 20ක් වගේ කාලයක් ස්ථාවරව පවතින්න අවස්ථාවක් තියෙනවා. හේතුව විපක්ෂයක් නැති තත්ත්වයක් උදාවෙලා තියෙනවා"
https://www.facebook.com/NewsfirstSL/videos/1235264650142695/