කොරෝනා දෙවැනි රැල්ලක් ආවොත් සූදානම් – යුද හමුදාපති

කොරෝනා දෙවැනි රැල්ලක් ආවොත් සූදානම් – යුද හමුදාපති

කොරෝනා දෙවැනි රැල්ලක් ආවොත් සූදානම් – යුද හමුදාපති

කර්තෘ Staff writer

29 Jun, 2020 | 9:13 pm

🔴 මහජනතාවට සාමාන්‍ය විදිහට ඉන්න බැහැ

🔴 ගුවන් තොටුපොළ විවෘත කරන දිනය අවිනිශ්චිතයි 

🔴 මත්ද්‍රව්‍ය මර්දනය සැලැස්මකට සිදුවෙනවා 

COLOMBO (News 1st) – කොරෝනා පාලනය කළත්, සෞඛ්‍ය උපදෙස් අනුව තවදුරටත් කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරට සමාජය තුළින් පසුගිය අප්‍රේල් 30වැනි දාට පසුව කිසිදු කොරෝනා ආසාදිතයෙක් හමුනොවූ බව ද යුද හමුදාපතිවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, නිව්ස්ෆස්ට් සමග  යුද හමුදා මූලස්ථානයේදී අද පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීය.

මේ වනවිට වාර්තාවන කොරෝනා ආසාදිතයින්, පිට රටින් මෙරටට රැගෙන එන පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

රට ක්‍රමයෙන් සාමාන්‍ය වුවත් මහජනතාවට එසේ සාමාන්‍ය ලෙස සිටිය නොහැකි බවත් පවතින තත්ත්වය හමුවේ තවදුරටත් ජනතාව අනිවාර්යෙන් මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීමේ දිනය අගෝස්තු 01 වැනි දා ලෙස නම් කළ තිබුණත් ලෝකයේ අනිකුත් රටවල පවතින කොරෝනා තත්ත්වය හමුවේ ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවය.

එය රජය විසින් නිවැරදිව තීරණය කරනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

තව ද කොරෝනා දෙවන රැල්ලක් බලාපොරොත්තු නොවන අතර කෙසේ හෝ කොරෝනා දෙවන රැල්ලක් පැමිණියහොත් ඊට සාර්ථකව මුහුණ දීමට ශක්තියක් ඇති බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

මේ අතර මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනයට ද සැලැස්මකට අනුව කටයුතු කරමින් සිටින බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිව්ස්ෆස්ට් සමග පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය මර්දනය සැලැස්මකට සිදුවෙනවා – යුද හමුදාපති

🔴කොරෝනා පාලනය කළා සේම පාතාලය හා මත් කුඩු මර්දනය සුදානම් ද?🔴 කොරෝනා දෙවැනි රැල්ලක් ආවොත් සූදානම්🔴 මත්ද්‍රව්‍ය මර්දනය සැලැස්මකට සිදුවෙනවා – යුද හමුදාපති #lka #News1st #Covid19 #CommanderoftheArmy #ShavendraSilva #NDB

Posted by Newsfirst.lk on Monday, June 29, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]