The Voice Teens Grand Finale අගෝස්තු මාසයේ

The Voice Teens Grand Finale අගෝස්තු මාසයේ

by Staff writer 28-06-2020 | 9:22 PM

COLOMBO (News 1st) – The Voice Teens වැඩසටහන මෙරට ප්‍රේක්ෂක ජනතාවට නැවුම් අත්දැකීම් රැසක් තිළිණ කරන අතිශය ජනප්‍රිය වැඩසටහනකි.

සිරස ටීවී ඔස්සේ සති අන්තයේ විකාශය වන The Voice Teens Sri Lanka ජාත්‍යන්තර සංගීතමය රියැලිටි වැඩසටහන මේ වනවිට අවසන් අදියරට ළඟා වෙමින් තිබේ. එහි බැට්ල්රවුන්ඩ් වටය ඉකුත් සතියේ අවසන් වූ අතර නොකවුට් වටය ඊයේ ආරම්භ විය. මෙහිදී සිදුවන්නේ විනිසුරුවන් සිව්දෙනා ඔවුන්ගේ කණ්ඩායම් 4 න් තරගකරුවන් 16 දෙනෙකු අර්ධ අවසන් වටයට තෝරා ගැනීමයි. තෝරා ගැනෙන 16 දෙනාගෙන් සිව් දෙනෙකු අවසන් මහා තරගයට පිවිසෙයි. එම තරගය අගෝස්තු මාසයේ පළමු සතියේ පැවැත්වීමට නියමිත ය.