COLOMBO (News 1st) – MCC ගිවිසුම ඇතැම් සංශෝධනයන්ට ලක්කර මැතිවරණයෙන් පසු අත්සන් කිරීමේ සූදානමක් ඇතැයි විපක්ෂය චෝදනා කරයි.
මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතීත්වයෙන් පත්කෙරුණු MCC සාමාලෝඡන කමිටු වාර්තාවට අනුව ගිවිසුම් කෙටුම්පතේ බරපතල කාරණා ගණනාවක් සඳහන් වේ.
MCC ගිවිසුමේ කොන්දේසි සංශෝධනය කිරීමට එකග වන්නේ නම් ඒ පිළිබඳව වෘත්තීමය අධ්‍යයනයකින් පසු මහජන සාකච්ඡාවකින් හා පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් තොරව ක්‍රියාත්මක නොකළ යුතු බවට කමිටුව නිර්දේශ කර තිබේ.
කමිටුව අවධාරණය කරන්නේ, එවැනි තත්ත්වයකට MCC ආයතනය එකඟ වන්නේ නැතිනම් ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බවයි.
දැනට කෙටුම්පත් වී ඇති ගිවිසුමට අනුව ගිවිසුම අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.
එය පාර්ලිමේන්තුවේ අනුමත වුවහොත් අමෙරිකාවේ ක්‍රියාත්මක අනපනත් කිහිපයක් ද අප රට තුළ බලාත්මක වේ.
අන්තර්ජාතික බලපෑම් ඇති කරන ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය එළැඹීමේදී පාර්ලිමේන්තුවේ බහුතර සම්මතයක් අවශ්‍ය බවට පූර්ව කොන්දේසියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව ද මෙම කමිටුව යෝජනා කරයි.
ජාතික ජන බලවේගයේ අපේක්ෂක කේ.ඩී. ලාල්කාන්ත මහතා
ඒ වාර්තාවට අනුව අමෙරිකාවේ උවමනාවන් ඉෂ්ඨ කරන්න සමහර වගන්ති තුනේ දෙකෙන් සම්මත කරගන්න ඕනේ . ඒකට තමයි මේ තුනෙන් දෙක ඉල්ලන්නේ . මේ කොමිසමේ වාර්තාව කියනවා සමහර දේවල් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න ඕනේ. සමහර දේවල් විනිවිද පේන විදිහට සම්මත කරගන්න ඕනේ.මේ මේ හානි තියෙනවා .අපේ රටේ නීති අනපතනත් වෙනස් කරලා අලුත් නීති අන පවත් සම්මත කරලා පාර්ලිමේන්තුව තුළ ඒකට ඕන බලය අරගෙන තුනෙන් දෙකේ ශක්තියෙන් ඒක කර ගැනීමේ අවශ්‍යතාවයෙන් තමයි දැන් ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ .ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වගකීමක් තියෙනවා පරිප්පු 65 යි කියන්න ජාතිය අමතන්න . පුලුවන්නම් සැමන් ටින් එක 100යි කියන්න ජාතිය අමතන්න පුලුවන්නම් මේ අමෙරිකානු MCC ගිවිසුම සම්බන්ධයෙනුත් එතුමා ජාතිය අමතා ප්‍රකාශයක් කළ යුතුයි මෙය කිසිසේත්ම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. අමෙරිකන් තානාපති කාර්යාලයත් මේ පාලකයන් ජයග්‍රහණය කරන්න අනියම්ව සහ නියම්ව පාවිච්චි වෙන බව පේන්න තියෙනවා . ගෝඨාභය මහත්තයට තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් හදලා. මේ අමෙරිකානු උවමනාව දැන්. අද ලංකාවේ තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක් හැදීමේ උවමනාව තියෙන්නේ අමෙරිකාවට.
සමගි ජන බලවේගයේ අපේක්ෂක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය
MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්නත් පාර්ලිමේන්තුවේ අනුමැති අවශ්‍යයි. පේනවනේ දැන් ලස්සනයිනේ එන පාර. මේ තුනෙන් දෙක ඉල්ලන්නේ වෙන මොකටවත් නෙමෙයි පලවෙනි එක MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා ඒ අයට තුනෙන් දෙක අවශ්‍යයි . රටේ ජනතාව යහපතක් වෙන ඒවා නෙමෙයි .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සරත් වීරසේකර මහතා
කිසිම විදිහකට අත්සන් කරන්න බැහැ රටට ද්‍රෝහි වෙනවා නම් රටේ සම්පත් අහිමි වෙනවා නම් ඒක දේශ ද්‍රෝහි ගිවිසුමක් ඒක අත්සන් කරන්න බැහැ. ඒකට අපිත් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ. අපිත් ඉන්නවනේ ජනතාව හැටියට.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රවී කරුණානායක මහතා
අපි අහන්නේ ඒ අයගෙන් ඡන්දයට ඉස්සෙල්ලා ඉරා විසි කරනවා කිව්ව එක කරන්නේ නැද්ද? එක්සත් ජාතික පක්ෂයේ එදා ස්ථාවරය හරිද ? රට වෙනුවෙන් මොකක්ද වෙලා තියෙන වැරැද්ද ? මහ ඡන්දයට ඉස්සෙල්ලා ඉරලා දාන්න . නැත්තන් එක්සත් ජාතික පක්ෂය කරපු දේ හරි කියලා පිළිගන්න. ජනතාවගෙන් සමාව ඉල්ලන්න. ලැබිලා තියෙන සල්ලි කොහෙද තියෙන්නේ ?දෙයියෝ තමයි දන්නේ
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා
දැන් වාර්තාව භාර දුන්නා දැන් මොකද කියන්නේ ? මේකේ තාක්ෂණ ප්‍රශ්න 2ක් තියෙනවා සාකච්ඡා කරලා බේරගත්තොත් අවුලක් නැහැ. සාකච්ඡා කරන්න හදනවා අමෙරිකාව එක්ක ආපහු මොකක්ද මේ කරන්න හදන්නේ ? මේ දවස් ටික ගෙවලා අගෝස්තු මාසයෙන් පස්සේ මේක අත්සන් කරන්න. ඒ නිසා මේ ගිවිසුම අත්සන් කරන්න . ඩොලර් මිලියන 480ක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වගේම මේගොල්ලොත් රට පාවා දෙන්න හදන්න . අපි අද කියනවා ඔය ගිවිසුම බොරු කරලා අත්සන් කරනවා .
https://www.facebook.com/NewsfirstSL/videos/1319832768227526/