Mask එක නොදැම්මොත් කේස් එකක්..

Mask නොපළඳින පුද්ගලයින් සොයා දීපව්‍යාප්ත මෙහෙයුම්

by Staff writer 28-06-2020 | 7:45 AM

COLOMBO (News 1st) - මුව ආවරණ නොපළඳින පුද්ගලයින් ඇතුළු නිරෝධායන නීති කඩ කරන්නන් සොයා අද සිට දීපව්‍යාප්ත මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තියත් සමග පැන වූ නිරෝධායන නීති ඇතැම් පුද්ගලයින් නිසි ලෙස පිළිනොපදින බවය. ඒ හේතුවෙන් යළි ත් මෙරට කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම ඉහළ යන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය. මුව ආවරණ නොපළඳින පුද්ගලයින් ඇතුළු නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ය.