ලිපි බෙදන මුවාවෙන් කේරල ගංජා විකිණූ අයෙක් කොටු

ලිපි බෙදන මුවාවෙන් පොළොන්නරුවේ කේරල ගංජා ජාවාරමක්...

by Staff writer 28-06-2020 | 12:14 PM

COLOMBO (News 1st) - පොළොන්නරුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට කේරල ගංජා අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකපිට ලිපි බෙදන්නෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ උපතැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන අදාළ පුද්ගලයා කලක සිට ලිපි බෙදන මුවාවෙන් කේරල ගංජා අලෙවි කර ඇතැයි හෙළිව තිබේ. පොලීසිය පැවසුවේ, උපාය දූතයෙකු මාර්ගයෙන් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදු කළ විශේෂ මෙහෙයුමකින් ඔහු අත්අඩංගුවට ගත් බවය. එම අවස්ථාවේ ඔහු සතුව, අලෙවි කිරීම සඳහා සැකසූ කේරල ගංජා තිබී ඇති අතර නිවසෙන් ද කේරල ගංජා සොයා ගත් බව පොලීසිය පැවසීය. පොලිස් භාරයට ගැනුණු කේරළ ගංජා ප්‍රමාණයක් ග්‍රෑම් 300 කි. සැකකරු හෙට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/289332812477132/