by Staff writer 28-06-2020 | 6:33 PM
COLOMBO (News 1st) – මූල්‍ය හා ලීසිං සමාගම්වල අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 52 ක් ලැබී ඇතැයි ඒ පිළිබඳ විමර්ශනයට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව පවසයි.
එම කමිටුවේ සාමාජික ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති හා අනුකූලතා පිළිබඳ අධ්‍යක්ෂ සිරිකුමාර කුඩාගම මහතා සඳහන් කළේ, ඉන් බහුතරයක් ඒක පුද්ගල පැමිණිලි ලෙස ලැබී ඇති බවය.
පොලී අනුපාත අක්‍රමිකතා නැවත අත්පත් කර ගැනීම් හා නිත්‍යානුකූල නොවන ලෙස ලීසිං හා මූල්‍ය සමාගම් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඒ අතරින් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
මූල්‍ය හා ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බැලීමට පත් කළ කමිටුවට පැමිණිලි භාර ගැනීම ආරම්භ වූයේ පසුගිය 23 වැනිදා ය.
ලබන 30 වැනිදා දක්වා කමිටුවට පැමිණිලි භාරගැනීම සිදු වේ.
මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් පත්කළ එම ත්‍රිපුද්ගල කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා ය.