බෙලරූස්හි සිට දෙවන කණ්ඩායමත් දිවයිනට

බෙලරූස්හි සිට ලාංකිකයින් 290 දෙනෙකු දිවයිනට

by Staff writer 28-06-2020 | 6:28 PM

COLOMBO (News 1st) – මෙරටට පැමිණීමට නොහැකිව බෙලරූස්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 290 දෙනෙකු අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියේ ය.

එහි කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයකින් ඔවුන් පැමිණි බවය. එම පිරිස PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය මධ්‍යස්ථානවලට යොමු කළ බව ඔහු කියා සිටියේය. බෙලරූස් සිට මෙරටට රැගෙන ආ දෙවන කණ්ඩායම මෙය බව අප වාර්තාකරු සඳහන් කළේ ය.