COLOMBO (News 1st) – ග්‍රැන්ටි දොඹකර 3 ක් රැගෙන කොළඹ වරායට පැමිණි නෞකාව නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කිරීම තවදුරටත් ප්‍රමාද වෙමින් තිබේ.
වෘත්තීය සමිති ඇතුළු පාර්ශව අවධාරණය කරන්නේ මේ ප්‍රමාදය පසුපස වරායේ තවත් කොටසක් විකිණීමේ සැලසුමක් ඇති බවයි.
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා
මේ නැගෙනහිර පර්යන්තයට පැමිණෙච්චි ඒ ග්‍රැන්ටි දොඹකර මේ ආණ්ඩුව විසින් ඒ ග්‍රැන්ටි දොඹකරවලට සරිලන ආකාරයේ පීලි සකස් කරලා ඒවා ගොඩබෑම සඳහා යෝජනාවක් සකස් වුණා. වරාය අධිකාරිය මගින් ඒ ඉංජිනේරු කොට්ඨාසය විසින් කෝටි 2 කට වැඩි මුදල ප්‍රමාණයක් වියදම් කරමින් ඒ පීලි සකස් කරලා එම දොඹකර 3 ස්ථාපිත කිරීම සඳහා පසුගිය 20 වෙනිදා ඒ නැව ආවා. මේ වනතෙක් ඒ නැවෙන් දොඹකර ගොඩබෑම සඳහා අනුමැතියක් නෑ. රාජ්‍ය අනුග්‍රහයක් නෑ. රාජ්‍ය බලධාරියෙක් නෑ. නැගෙනහිර පර්යන්තය ආරක්ෂා කළොත් පමණයි වරායේ ඉදිරි අනාගතය පවතින්නේ. මේ ඉදිරි සතිය ඇතුළත අනිවාර්යෙන්ම මේ ග්‍රැන්ටි දොඹකර ටික මේ පාලමේ තිබිය යුතුයි. අපි දීලා තියෙනවා ඔබ රජයට සතියක කාල සීමාවක්. මේ සතිය තුළදී මෙය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ නැවෙන් ප්‍රමාද ගාස්තු වශයෙන් 26 වැනිදා ඉදලා දිනකට කෝටියකට වැඩි මුදලක් ලක්ෂ 95,000 ක්. මේ මුදල් කාගේද? මේ මුදලුත් වරාය අධිකාරියේ. එතකොට ආණ්ඩුව කරන වැඩෙන් වරාය අධිකාරිය මුදල් ගෙවන්නේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා අදාළ ග්‍රැන්ටි දොඹකර මෙරටට ගෙන්වා අදට දින 8 ක් ගතව තිබේ.
එම දොඹකරවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 25.7කි.
ද සන්ඩේ ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත්තේ ගිවිසුම්ගත කරුනු බලාත්මක කිරීමට ඉන්දියාව කටයුතු කරන බවයි.
ජාතික ජන බලවේගයේ අපේක්ෂක කේ.ඩී.ලාල්කාන්ත මහතා
මේ වෙනකොට ගෙනල්ලා සවි කරන්න හදන උපකරණ ටික නවත්තලා තියෙනවා අපිට තියෙන තොරතුරු අනුව ඉන්දියාව මැදිහත්වෙලා තමයි මේ නතර කිරීම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ උඹලා උඹලාගේ වරායේ මේ කොටස සංවර්ධනය කිරීමට අත තියන්න එපා. ඒකේ අදහස තමයි ඒගොල්ලෝ මේක අත්පත් කරගැනීමේ උවමනාව මත තමයි මේ ග්‍රැන්ටි දොඹකර කියන ඒවා හයි කරන එක සම්පුර්ණයෙන් දැන් නවත්තලා තියෙන්නේ. දැන් මේ වරායේ ඉතුරු ටිකත් ඉන්දියාවට දෙන්න නෙවෙයිද? මේ වරායේ සංවර්ධන කටයුතු ටික නවත්තලා තියෙන්නේ.