ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 28-06-2020 | 6:44 AM

දේශීය පුවත්

1. පළාත් සභා ක්‍රමය පිළිබඳ ස්ථාවරය අනාවරණය කරන්න – මිලින්ද මොරගොඩ පක්ෂවලින් ඉල්ලයි: පළාත් සභා ක්‍රමය පිළිබඳ දේශපාලන පක්ෂවල ස්ථාවරය මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ පළ කරන ලෙස පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ සහ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා සියලු පක්ෂවලින් ඉල්ලා තිබේ. 2. දේශීය සිනමාව වෙනුවෙන් මෙවර අයවැයෙන් සහන – අගමැති: දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබා දිය හැකි සහන මෙවර අයවැයෙන් ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. 3. ණය සහන ලබා දීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රමුඛතාවය දෙන්න – අගමැති: ණය සහන ලබාදීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලින් ඉල්ලා තිබේ. 4. MCC මුදල් ගත්තේ කවුද?: MCC ගිවිසුමේ කොන්දේසි සංශෝධනය කිරීමට එකඟ වන්නේ නම් ඒ පිළිබඳව වෘත්තීමය අධ්‍යයනයකින් පසු මහජන සාකච්ඡාවකින් හා පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් තොරව ක්‍රියාත්මක නොකළ යුතු බව ඒ පිළිබඳව සාමාලෝචනය කිරීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබේ.

විදෙස් පුවත්

5. ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 99 ඉක්මවයි: ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 99ක් ඉක්මවා ගොස් තිබේ.