.webp)
යම් කිසි පිළිවෙලක් නැති තැනකට පහරක් වැදිච්චාම COVID19 වසංගතයෙන් හෝ බෝම්බයකින් හෝ අර පිස්සන් කොටුවට හෙණ ගැහුවා වගේ තමයි තියෙන්නේ. හෙණ ගැහුවේ නැතත් පිස්සන් කොටුව. මේ අවුල විසඳන්න අපිට අධ්‍යනය කරන්නේ කොහොමද කියන කොට වෙළෙඳ ප්‍රතිපත්ති ගැන අධ්‍යනය කරනකොට දැකපු දේ තමයි ලංකාවේ ඉතිහාසය බලපුවාම ලංකාව යුද්ධවලින් පැරදිලා නෑ. බුද්ධියෙන් පැරදිලත් නෑ. පැරදුණා නම් පැරදුණේ වෙළෙඳ ගිවිසුම්වලින්. නැත්නම් වෙනත් ගිවිසුම්වලින්. ගිවිසුම් තමයි භයානකම අවිය ඒක පරදින්න උරුමකම් කියපු පාලකයෝ පිරිසක් ඉන්න යුගයක් නිසා කිසිම කරදරයක් නැතිව පරදිනවා. පරාජය අත් විඳින්නේ අපි සහ අපේ අනාගත පරම්පරාව. ප්‍රතිපත්තිමය දියුණු කිරීම් සියල්ල ඕන කියලා යෝජනා කරන්නේ ඒ වෙච්ච විනාසය විපැත්තිය අනිත් පැත්තට හැරවීම. අපි කියුවේ පැහැදිලිවම ලංකාවේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය නිර්මාණය කරගන්න. අපි ඒ සඳහා මහන කොමිසන් සභාවක් පත් කළා. එවකට හිටපු රජයේ ජනාධිපති එක පැත්තකින් කියනවා අගමැති එක පැත්තකින් කියනවා දෙන්නාගෙන්ම ඉල්ලුවා . ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමට කටයුතු ආරම්භ කරන්න කියලා නමුත් ආරම්බ වුනේ නෑ. අපි බලාපොරොත්තුවුනා මේ රජය පත්වෙච්චාම අපිට අඩගහලා මේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා කටයුතු කරයි කියලා. මේ ජනාධිපතිතුමා පත්වෙලත් මාස 8 ක් ගිහිල්ලා තියෙනවා . ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය ලංකාවේ ස්ථාපනය කරලා සුරක්ෂිත ව්‍යාපාරවලට විතරක් නෙවෙයි රට වැසියාටත් සුරක්ෂිත වාතාවරණය රටේ ඇති කරන්න කියලා අපි කරපු ඉල්ලීමට තවම සවන්දීමක් අපි දුටුවේ නෑ. වැරැද්ද කාගේද දන්නේ නෑ. පහුගිය කාලේ හිටපු පාලකයන් ගැන තිබුණ හැඟීම අගතීගාමී කියලා වගේම දැන් ඉන්න පාලකයින්ගෙන් අපිට අපි සුරක්ෂිතයි යැයි වැරදි වූ හැඟීමක් මතු කරගන්න අපි ලෑස්ති නෑ.