
තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 30 වැනි දා
තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 30 වැනි දා
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 30 වැනි දා සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, ඒවා ලබන 01 වැනි දා හා 02 වැනි දා යන දිනවල තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත බෙදා හරින බවය.
තව ද නිදහස් තැපැල් පහසුකම යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වන සෑම දේශපාලන පක්ෂයකටම හා ස්වාධීන කණ්ඩායමකටම තම ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ දැනුවත් කිරීමේ ලියවිල්ලක් ඡන්ද දායකයින්ට යැවීමට පහසුකම් සලසා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ, දිස්ත්‍රික් මට්ටමින් ඒවා තැපැල් කාර්යාලවලට භාරදිය හැකි බවයි.
ඒ සඳහා දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ බලයලත් නියෝජිතයෙකු විසින් එම පත්‍රිකා විනිවිද නොපෙනෙන කවරයක බහා ඒවා තැපෑලට භාරදිය යුතු වේ.
කෙසේ වෙතත් මේ යටතේ එම පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායමට නිදහස් තැපෑල භාවිත කළ හැකි වන්නේ එක් වරක් පමණක් බව ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අදින් අවසන් කරන බව රජයේ මුද්‍රණාලය පවසයි.
රජයේ මුද්‍රණාලායාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ, මේ වනවිට මුද්‍රණය අවසන් වූ දිස්ත්‍රික්ක 18 ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදී ඇති බවය.
සෙසු දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා ද අද දිනයේ මුද්‍රණය අවසන් වූ විට මැතිවරණ කොමිසම වෙත කඩිනමින් භාර දෙන බව ඇය පැවසුවාය.
මෙවර මහ මැතිවරණය සඳහා මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්නනවේ.
රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ, එක් එක් දිස්ත්‍රික්කය සඳහා ඡන්ද පත්‍රිකාවේ දිග සහ පළල වෙනස් බවයි.
මේ අතර ගෘහ දැන්වීම් පත්‍රිකා මුද්‍රණය ද අදින් අවසන් කරන බව රජයේ මුද්‍රණාලය සඳහන් කළේ ය.
- ගිනිගත්හේනේ නිවසක අබිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක්
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ