COLOMBO (News 1st) : MCC ගිවිසුමේ කොන්දේසි සංශෝධනය කිරීමට එකඟ වන්නේ නම්, ඒ පිළිබඳව වෘත්තීමය අධ්‍යයනයකින් පසු මහජන සාකච්ඡාවකින් හා පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් තොරව ක්‍රියාත්මක නොකළ යුතු බව ඒ පිළිබඳව සාමාලෝචනය කිරීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබේ.
කමිටුව අවධාරණය කරන්නේ, එවැනි තත්ත්වයකට MCC ආයතනය එකඟවන්නේ නැතිනම් ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බවයි.
MCC යෝජනාවලිය සමාලෝචනය කිරීම සඳහා පත්කළ කමිටුව සිය අවසන් වාර්තාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දුන්නේ ය.
මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතීත්වයෙන් පත් කෙරුණු එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ඩී.එස් ජයවීර , නිහාල් ජයවර්ධන හා නාලක ජයවීර යන මහත්වරුන් ය.
MCC ගිවිසුම් කෙටුම්පතේ බරපතල කාරණා ගණනාවක් කමිටුව මෙම වාර්තාවේ සඳහන් කර තිබේ.
MCC ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ මෙරට ස්ථාපිත කරන MCA ශ්‍රී ලංකා නැමති සමාගමකින් ය.
අමෙරිකානු නීතිවලට පිටින් මෙම සමාගමේ ව්‍යවස්ථාපිත කාරණා සිදු කළ නොහැකියි.
එබැවින් එම සමාගමේ තීරණ ගැනීමේ බලය ඇත්තේ MCC ආයතනයට ය.
ව්‍යාපෘතිවලට අදාල දත්ත,තොරතුරු ඇතුළු සියලු බුද්ධිමය දේපලවල හිමිකාරීත්වය ඇත්තේ ද MCC ආයතනට ය.
සාමාන්‍යයෙන් රටට එන විදේශ ණය ව්‍යාපෘති මහා භාණ්ඩාගාරය ක්‍රියාත්මක වන ක්‍රමවේදයට පිටින් ගොස් වෙනම සමාගමක් හරහා කරන මේ ක්‍රියාවලිය කමිටුව දකින්නේ නීතිය නොසළකා කටයුතු කිරීමක් ලෙසයි.
අදාළ ව්‍යාපෘතිවල ටෙන්ඩර් ක්‍රියාවලිය , රටේ පිළිගත් ක්‍රමවේදයන් යටතේ සිදු නොවන බව ද කමිටු වාර්තාවේ සඳහන් ය.
ව්‍යාපෘතිවල ගැටලුකාරී තත්ත්වයන් ඇති වුවහොත් එහි වගකීම ශ්‍රී ලංකා රජයට පවරා ඔවුන්ට රටින් බැහැර විය හැකි බව ද කමිටුව පෙන්වා දෙයි.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ශ්‍රී ලංකාව අතිශය අසීරු තත්ත්වයකට පත්වන බව ද මෙහි සඳහන් වේ.
දැනට කෙටුම්පත් වී ඇති ගිවිසුමට අනුව ගිවිසුම අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.
එය පාර්ලිමේන්තුවේ අනුමත වුවහොත් අමෙරිකාවේ ක්‍රියාත්මක අනපනත් කිහිපයක් ද අප රට තුළ බලාත්මක වේ.
යහපාලන රජය මේ ගිවිසුම් කෙටුම්පත් සම්බන්ධව එකඟතා ඇති කරගැනීමට ආසන්නව සිටියදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ඉවත් කොට මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමෙන් සහ
ඉන් පසු ඇති වූ දේශපාලන තත්ත්වයන් මත එය වැළකී ගිය බව කමිටුව පෙන්වා දෙයි.
මේ අතර කමිටුව යෝජනා කරන්නේ අන්තර්ජාතික ගිවිසුම්වලට එළැඹීම විධායකයට අයිති දෙයක් පමණක් නොවන බවයි.
එය රටේ ජනතාගේ ස්වාධිපත්වයට බලපෑම් ඇති කරන දෙයක් බව ද කමිටුව පෙන්වා දෙයි.
අන්තර්ජාතික බලපෑම් ඇති කරන ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය එළැඹීමේදී පාර්ලිමේන්තුවේ බහුතර සම්මතයක් අවශ්‍ය බවට පූර්ව කොන්දේසියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව ද මෙම කමිටුව යෝජනා කරයි.
මේ අතර මෙම සමාලෝඡන කමිටු වාර්තාව අනාවරණ කරන්නේ 2004 වසරේදී එවක පැවති රජය MCC ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කළත් 2005 සිට 2015 දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාවලියක් සිදුව නොමැති බවයි.
කෙසේ වෙතත් අමෙරිකානු තානාපති කාර්යාලය උපුටා දක්වන ඩේලිමිර පුවත්පත වාර්තා කරන්නේ 2005 වසරේ මහින්ද රාජපක්ෂ රජය මුල් වරට MCC ප්‍රධානයට අදාළව ඉල්ලීමක් කර ඇති බවයි.
අප දිගින් දිගටම පෙන්වා දුන් කරුණු සාමාලෝඡන කමිටු වාර්තාවෙන් ද තහවුරු කර තිබේ.
MCC එකඟතා රටේ ව්‍යාවස්ථාපිත නීතිය හා ස්වෛරීභාවය නොසළකා ක්‍රියාත්මක වන්නක් බව දැන් පැහැදිලි ය.
නමුත් ගැටලුව ඇත්තේ ගිවිසුම් කොන්දේසි වෙනස් කර පාර්ලිමේන්තුවේ අනුමැතියකින් MCC ක්‍රියාත්මක වේද යන සැකයත් දැන් මතුව තිබීම ය.
රටේ ප්‍රවාහන පද්ධතිය වැඩි දියුණු කිරීම සහ ඉඩම් සම්බන්ධ නීති ප්‍රතිසංස්කරණ ඇතුළු ව්‍යාපෘති 2ක් යෝජනා කර තිබුණි.
සාමාලෝඡන වාර්තාවෙන් වැඩි වශයෙන් විවේචනයට ලක්ව ඇත්තේ ඉඩම් සම්බන්ධ ව්‍යාපෘතියයි.
මේ සමාලෝඡන වාර්තා අනාවරණය කරන්නේ MCC පිළිබඳ මූලික සාකච්ඡාවලදී ප්‍රවාහන හා ඉඩම්වලට අමතරව බලශක්ති ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක් ගැන අවධානය යොමු කළ බව ය.
දැන් සමාලෝඡන කමිටු වාර්තාව එළිදැක්වෙන අවස්ථාවේ අමෙරිකානු තානාපතිවරය විදුලිබල අමාත්‍යවරයා හමුවේ විදුලි ව්‍යාපෘතිවලට අමෙරිකානු සහාය ලබාදිය හැකි බව කියා තිබේ.
MCC ව්‍යාපෘති යටතේ යෝජිත ඩොලර් මිලියන 480 කුමන හෝ ආකාරයකට ලබාගැනීමේ උත්සාහයක් තවදුරටත් ක්‍රියාත්මක වන්නේද ?
ජාතික ජන බලවේගයේ අපේක්ෂක බිමල් රත්නායක මහතා
ඡන්දෙන් පස්සේ මේ රට උගස් තියලා, අමෙරිකානු කොලනියක් කරලා, අමෙරිකානු ආරක්ෂක හමුදාවන්ගේ ගුබ්බෑයමක් කරලා අර නේපාලයට කරලා තියෙනවා වගේ මේක අත්සන් කරනවා.MCC ගැන එස් එම් එස් තරගයක් කරන්න. රියැලිටි ෂෝ එකක් කරන්න. ඒ ජනමතය තමයි අපි ආණ්ඩුවට කියන්නේ දේශපාලන තක්කඩිකම් කරන්න එපා ඡන්දේ දුන්නු මිනිස්සුන්ට. අපි අහනවා MCC ගිවිසුම අත්සන් කරන්නේ නැතිනම් ඇයි MCC කාර්යාල වෙනුවෙන් වැඩ කරන ආයතනවල දැන්වීම් පල කරන්නේ කාර්යමණ්ඩල බඳවාගන්න. අමෙරිකානු තානාපතිතුමිය නිවේදන නිකුත් කරන්නේ ඇයි ආණ්ඩුව මේ මොහොතේදී COVID-19 සහ ඡන්දය සම්බන්දව අවදානය යොමු කරලා තියෙනවා කියලා. අනික ඔබ දන්නවා ලංකාව ඇතුළේ විදේශ රාජ්‍යන්ට කාර්යාල පවත්වාගෙන යන්න බැහැ ශ්‍රී ලංකා රජයේ අවසරයෙන් තොරව. අත්සන් කරන්නේ නැති ගිවිසුමක් වෙනුවෙන් මොකටද කාර්යාලයක් පවත්වාගෙන යන්නේ?
මේ අතර එක්සත් ජාතික පක්ෂය පවසන්නේ වත්මන් පාලනය විසින් MCC ගිවිසුමට අදාළව සිදුකරන්නේ අභූත චෝදනා බවයි.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා
මේ MCC එක ගැන ළඟදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශයක් කරලා තිබ්බා අමෙරිකාව විසින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ ඩොලර් මිලියන 10ක් දීලා තියෙනවා කියලා .ඇත්තෙන්ම කණගාටුයි බොරු දේශපාලනයට ඇවිල්ලා මඩගහන එක. අමෙරිකා තානාපති කාර්යාලයෙන් ප්‍රකාශයක් කරලා තියෙනවා කිසිම මුදලක් ලංකාවේ ආණ්ඩුවට දීලා නැහැ. මැතිවරණ කාලේ ඔහොම එතුමා මඩ ගහන එක ගැන කණගාටුයි . මොනවා වුණත් එතුමා අපි දන්නවා හිටපු අමෙරිකානු පුරවැසියෙක් එතුමා පැහැදිලිව කියන්න ඕනේ MCC එක අත්සන් කරනවද නැද්ද කියලා . එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේදී එතුමාගේ ගෝලයෝ චෝදනා කළේ අමෙරිකන් ගැත්තෝ කියලා . එක කොටසක් අමෙරිකාවට දෙනවා කියලා චෝදනා කළා . ඡන්දේ ජය ගත්තේ එහෙම . අපි අහනවා කෙලින්ම ජනාධිපතිතුමත් අගැමතිතුමත් මේ ගිවිසුම අත්සන් කරනවද නැද්ද කියලා විතරයි අපි දැනගන්න ඕනේ . මේක දැන් රටටත් පැහැදිලියි අමෙරිකාවත් කෙලින්ම කියලා තියෙනවා මිලේනියම් චැලේන්ජ් එක මුලින්ම සාකච්ඡා කෙරුවේ මහින්ද රාජපක්ෂ කාලයේ කියලා .ඉතින් මෙවැනි බොරු චෝදනා එල්ල නොකර මේ මැතිවරණය සාධාරණව කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.
MCC කමිටු සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමත් සමග සංවාදයට ලක්වූ මූලික ගිවිසුම්වලට අත්සන් තැබීමේදී ලබාගත් ගත් බව කියන මුදල් සම්බන්ධයෙන් විවිධ මත පලවනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා
ඩොලර් මිලියන 100,000ක පමණ මුදලක් ලැබිලා තියෙන බවත් ඒ මුදලට වෙච්ච දෙයක් නැති බවත් වාර්තා වෙනවා . ඒ අනුව පැහැදිලිව මේ රටට බලපාන තීරණාත්මක ගිවිසුම් දෙකක් ඔවුන් අත්සන් කරලා තිබෙන බව හොර රහසේ ඔය මංගල පිංසිරි සමරවීරලා ඊළඟට රනිල් වික්‍රමසිංහලා .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අමාත්‍ය මහින්ද අමරවීර මහතා
නෑ ඒ සම්බන්ධව කැබිනට් අනුමැතියක් හෝ මොකක්වත් නැහැ. මං දන්න තරමට එහෙම ගිවිසුමක් අත්සන් කළා හෝ සිදුවීමක් කරන්න අපි නම් ඉන්න කාලේ ඉඩ දුන්නේ නැහැ. අපි ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ එහෙම දෙයක් වෙන්න පුලුවන් නමුත් කොහොමටවත් දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ . රජයේ ස්ථාවරය ඉක්මනට ප්‍රකාශ වෙයි . රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කරන්නේ නැහැ.
සමගි ජන බලවේගයේ අපේක්ෂක ඉරාන් වික්‍රමරත්න මහතා
මුදල් අමාත්‍යාංශ්‍යට සල්ලි ලැබිලා තියනවනම් හරිම ලේසියි හොයා ගන්න විගණකාධිපතිට හොයන්න පුළුවන්. අපි දන්න තරමට එහෙම කිසිම සල්ලියක් ලැබිලා නෑ. මේක නොමග යැවීමට කරන දෙයක්. MCC ගිවිසුම අත්සන් කරලා නෑ. MCC එකත් එක්ක සාකච්ඡා පටන් ගන්නේ 2002 පටන් ගත්තේ 2004 ඒක අවසන් වුණේ. ඊට පස්සේ රජය මාරු වුණා. රජය මාරු වුණාම මහින්ද රාජපක්ෂ ජනාධිපති හැටියට මංගල සමරවීර විදේශ ඇමති හැටියට අමෙරිකාවට එවනවා නැවතත් MCC එකත් සමග සාකච්ඡාවක් අරඹන්න. මොකද මහින්ද රාජපක්ෂට අවශ්‍ය වෙලා තිබුණා ජනාධිපති හැටියට මේ එම් සී සී එක හරහා මේ මුදල් ලබා ගන්න.නමුත් ඒ අවස්ථාවේ දී MCC එක ඒක ප්‍රතික්ෂේප කළා. දශයකට පස්සේ තමයි 2016 දී නැවතත් රජය නැවතත් MCC එකත් එක්ක සාකච්ඡාවන් අරඹලා අවුරුදු තුනක් විතර ගියා 2019 තමයි MCC එක අනුමත කළේ ලංකාවට ඒ මුදල් දෙන්න ඕන කියලා. මම දැනුත් ඉල්ලීමක් කරනවා ප්‍රසිද්ධියේම රටට කියන්න අපි MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. මේක තව නාඩගමක් මේ මිනිස්සු කරන මැතිවරණය ඉලක්ක කරගෙන.
සමගි ජනබලවේගයේ අපේක්ෂක චමීර පෙරේරා මහතා
මේක හරියි කිව්වොත් එමෙ ඡන්ද ටික නෑ. බැරි වෙලාවත් මේක වැරදියි කියන්නත් බෑ වැරදියි කිව්වොත් එහෙම තමන් පුරවැසියෙක් විදියට හිටපු රටනේ. තාම ඒ රටේ ළැබැදියාවන් තියනවා. ඇත්තටම මේ ආණ්ඩුවට අපි කියන්නේ පොල් අත්තේ පහරපු බළලාට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නේ. ඡන්දේ ඉවර වෙච්ච ගමන් මේක සීයට හැත්තෑවක් හොද වුණා ගම්මන්පිල උන්නෙහේට දැන් ඔය සීයට තිහත් හොදයි ඉදිරි මහ මැතිවරණයෙන් පස්සේ වටේ දුවන්න ඕන් නෑ කෙලින්ම කියන්න MCC එක අහෝසි කරනවයි කියලා ඉවරනේ. එහෙමනේ ආවේ කියලා කියන්න MCC එක අහෝසි කරනවයි කියලා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා
දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ මුට්ටිය දාන්නේ මහමැතිවරණයෙන් පස්සේ අපිට කරන්න දෙයක් නැහැ ගිය ආණ්ඩුව අත්සන් කරලනේ තියෙන්නේ සල්ලි ටිකක් අරගෙන තියෙන්නේ ඒ නිසා. අපි ඒ නිසා අපිට මේක දැන් අත්සන් කරන්න බල කරලා තියෙන්නේ නැත්තන් රාජතාන්ත්‍රිකව අපිට ගැටලු ඇති වෙනවා.මෙන්න මේ පදේ ගහන් ද ඒ කෑල්ල දැම්මේ ? මොකද ඒක කියන්නේ නැහැ . ඉතුරු ටික කියන්නේ නැහැ .ඒ ගාන කොහොමද කිව්වේ ? ගියපු ගිණුමක් හොයාගන්න බැරිනම් මිලියන මෙච්චරක් ගත්තා කියලා කිව්වේ කොහොමද ? එක්කෝ ආපු තැන දන්නවා දීපු තැන දන්නවා.
ජාතික ජනබලවේයේ අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා
කව්ද එතකොට මේක අත්සන් කරපු මිනිස්සු ? කව්ද සල්ලි ගත්තේ එළි කරන්න රටට බාල දේශපාලන උපක්‍රමවලින් බරපතල MCC ගිවිසුම තනුක කරන්න එපා . ලංකාවේ ඔෆිස් එකක් දාලා ඒක වැඩ. එහෙනම් කියන්න ඕනේ ඔෆිස් එක වහලා දාලා යන්න ඕනේ තව මාස තුනකින් කියලා .එතකොට පැහැදිලියි. ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා . ආණ්ඩුව ඩබල් ගේම් ගහනවා
https://www.facebook.com/NewsfirstSL/videos/274071567137138/