CIMA, හේමාස් සහ මහජන බැංකුවට නව පත්වීම් 3ක් 

CIMA, හේමාස් හෝල්ඩිංස් සහ මහජන බැංකුවට නව පත්වීම් 3ක් 

by Staff writer 27-06-2020 | 9:52 AM

? CIMA ගෝලීය උප සභාපති ධුරයට පත් පළමු ලාංකීය කාන්තාව මෙලනි ජෙනීන්

? හේමාස් හෝල්ඩිංස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය කස්තුරි චෙල්ලරාජාට

? මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ධුරය රංජිත් කොඩිතුවක්කුට

 

COLOMBO (News 1st): වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ගෝලීය උප සභාපති ධුරයට මෙලනි ජෙනීන් කනකා මහත්මියත්, හේමාස් හෝල්ඩිංස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මියත් මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ධුරයට රංජිත් කොඩිතුවක්කු මහතාත් පත් කර තිබේ.

  වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ ගෝලීය උප සභාපති වූ මෙලනි ජෙනීන් කනකා මහත්මිය එම ධුරයට පත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව වේ. මේ අතර කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය හේමාස් හෝල්ඩිංස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ව්‍යාපාර සමූහයක ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පත් පළමු කාන්තාව ද ඇයයි. ඇගේ පත්වීම මේ වසරේ ඔක්තෝබර් 01වැනිදා සිට බලාත්මක වේ. චෙල්ලරාජා විල්සන් මහත්මිය බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි සිසුවියකි. මේ අතර රංජිත් කොඩිතුවක්කු මහතා මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ධුරයට පත් කර තිබේ. ඒ මීට පෙර එම තනතුර දැරු බොනිෆස් සිල්වා මහතා විශ්‍රාම යාමත් සමගයි.   https://www.youtube.com/watch?v=zPHoqa8ojuE&feature=youtu.be