A9 මාර්ගයේ බස් අනතුරක්

A9 මාර්ගයේ බස් අනතුරකින් පුද්ගලයින් 13කට තුවාලයි

by Staff writer 27-06-2020 | 7:32 AM
COLOMBO (News 1st) : ඒ - 9 මාර්ගයේ 190 වැනි කිලෝමීටර් කණුව අසල වේලන්කන්නි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ සිට යාපනය දක්වා ධාවනයවූ අධිසුඛෝපභෝගී බස් රථයක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බස් රථයේ ගමන කළ මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඕමන්ත රෝහලට ඇතුළත් කර තිබේ.