සිනමා ශාලා අද සිට විවෘතයි

සිනමා ශාලා අද සිට විවෘතයි

by Staff writer 27-06-2020 | 9:40 AM
COLOMBO (News 1st) : සිනමා ශාලා විවෘත කිරීමට අද සිට අවසර හිමි වන බව බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි. එසේම වේදිකා නාට්‍ය හා නැටුම් ප්‍රදර්ශන මෙන්ම සංගීත වැඩසටහන් පැවැත්වීමට ද අද සිට අවසර හිමිවනු ඇති. ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශවලට අනුකූලව මෙම ආයතන විවෘත කළ යුතු බවයි.