COLOMBO (News 1st) : රට තුළ පවතින නිරෝධායන නීති අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඉදිරියේදී ගුවන්තොටුපොළ විවෘත කිරීමත් සමග රටට නැවත COVID-19 වසංගතය පැමිණිම වළක්වා ගැනීමට නම් සියලු දෙනා නිරෝධායන නීති අනුගමනය කළ යුතු බව ය.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
අද වනවිට අපේ ශ්‍රී ලංකා භූමිය තුළින් අපේ සිටින ජනතාව තුළින් COVID-19 රෝගීන් හමු වෙන්නේ නෑ. අපිට මෙය ජය පැන් බීමට අවස්ථාවක් නොවෙයි. COVID-19 සම්බන්ධව. මොකද ඔබ දන්නවා දැන් ජර්මනියට වෙලා තියන දේ. නවසීලන්තයට වෙලා තියන දේ. සිංගප්පූරුවට වුණ දේ, නැවත මේ රටවල් ඔක්කොගෙම මේ රෝගීන් ඇතිවීමේ තත්ත්වයක් ඇති වෙලා තියනවා. COVID-19 වසංගත කාලය අතරමැදින්ම ඒ වගේම අවසානයත් එක්ක අපි මාර්ගෝපදේශ 46ක් රටට හඳුන්වා දුන්නා. මේ මාර්ගෝපදේශවලින් ප්‍රධාන කාරණා 3ක් ඉලක්ක කරා. සමාජ දුරස්ථභාවය, ස්වසන ආචාරශීලීභාවය සහ අපේ අත්වල පිරිසිදුකම කියන 3. දැන් අපිට පෙනී යනවා මෑත දිනවල ඇතැම් විට ජනතාව සමහරවිට ආයතන සමහර බලය ඇති උදවිය වෙන්න පුලුවන් යම්කිසි ආකාරයට මේ කාරණා ගැන එතරම් උනන්දුවක් දක්වා කටයුතු කිරීම. මෙහිදී කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් රටේ වෛරසය නැත්තන් මොකටද මේ දේවල් පවත්වා ගන්නේ කියන එක. අපිට වඩා විශාල දියුණුයි කියන රටවල්වල නැවන නැවත මේ වෛරස් තත්ත්වය ඇති වන්නේ ඇත්ත වශයෙන්ම මේ ජන සමාජ විසින් පවත්වාගත යුතු චර්යාත්ම කාරණා හරියට පවත්වා නොගැනිම නිසයි. දැන් අපි දකිනවා අත් දෝවනය සඳහා ආයතනවල පහසුකම් සපයලා තිබ්බා. නමුත් දැන් මේ වනවිට සමහර තැන්වල අර සබන් දියරය දකින්නට නැහැ. ගුවන්තොටුපොළ විවෘත කරන විට නැවත රටට ඇතුල් වීමේ අවධානම තුළ අපිට තියන ප්‍රධානම අවිය තමයි තැවතත් මේ වෛරසය සමාජ සම්ප්‍රේෂණය දක්වා වළක්වා ගැනීම සඳහා මේ කියන චර්යාත්මක වෙනස දිගටම පවත්වා ගැනීම . පුද්ගලයින් පැමිණෙනවානම් ගුවන්තොටුපොළින් ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය තමයි නිරෝධායනය කිරීම. නමුත් අපි දන්නවා සංචාරකයින් පැමිණෙන්නේ නැහැ නිරෝධායනයට ලක්වන්න. ඒ නිසා අපි වෙනත් මෙවලම්, ටූල්ස් කිහිපයන් භාවිතා කරනවා මේ සංචාරක කර්මාන්තය බේරා ගැනීමටත්, මේ රටට මේ එන වෛරසය ඔවුන් හරහා අපේ රටේ ජනතාවට පැතිරීම වැළැක්වීමටත්, එම මෙවලම්වලින් විශාල සාර්ථකත්වයක් තිබුණත්, ඒ සාර්ථකත්වය සම්පූර්ණ වන්නේ අපේ ජනතාවගේ චර්යාත්මක පැවැත්ම තුළ. මේ රටේ ජන ජීවිතය ආර්ථීක ජීවිතය නගා සිටුවීම සඳහා ඇතැම් විට වෙනත් රටවල්වලට වැඩිය ඉතා ඉක්මණින් රට විවෘත කරලා තියෙනවා. එහෙම නැත්තන් ජනතාවය වෙනත් ගැටලුවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. නමුත් අපි විවෘත කරන්නේ මේ පිළිබඳව අවදානම් පිළිබඳවත් යම් අවබෝධයක් ඇතුව ඒ නිසා ඒ අවදානම අවම කිරීමේ වගකීම සමස්ත ජනතාවට හිමිවෙනවා.
මේ අතර කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රට තුළ පවතින COVID-19 තත්ත්වය පිළිබද පැහැදිලි කළේ ය.
අප්‍රේල් 30 වැනිදායින් පස්සේ ආසාදියින් හමු නොවුණත් සමාජය තුළ මේ රටට රජය විසින් අපගේ ශ්‍රී ලාංකකියන් විදේශ රටවල සේවයේ නියතුව සිටි අයවලුන් රජය යම්කිසි ක්‍රමවේදයකට අනුව රටට ගෙන්වා ගනු ලැබුවා. ඒ එන අයවලුන් අතරින් COVID-19 අසාදිතයින් අපිට වරින් වර හමුවෙනවා. ඊට අමතරව ඒ පිටරටවලින් එන අය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධයනය වනවා. ඉතිං මෙහිදී ඔවුන් අනිත් පුද්ගලයින් එක්ක ගැටෙන හින්දා අපිට මේ COVID-19 සම්පූර්ණයෙන් මේ සමාජයෙන් ඉවත් කරයි කියලා කියන්න හැකියාවක් නැහැ. ජනතාවගේ වගකීමක් වෙනවා තවදුරටත් ඒ COVID-19 වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දුන් උපදෙස් අනුව තවදුරටත් ක්‍රියා කිරීම ඉතාම වැදගත් වෙනවා. පසුගිය දින කිහිපයේ අපි දැක්කා මාක්ස් එකක්වත් දාන්නේ නැතුව ශාරීරික දුරස්ථභාවය රැක ගන් නැතුව COVID-19 ලංකාවේ තිබ්බෙත් නෑ වගේ හිතාගෙන වැඩ කරන කණ්ඩායමක් අපි දකිනවා. ඉතිං ඒක ඉතාමත් භයානක තත්ත්වයක්. එය විය යුතු නැහැ. මන්ද මේ රටේ COVID-19 අසාදිතයින් සමාජය තුළ නැති වුණාට COVID-19 අසාදිතයින් රෝහල්වල සිටිනවා.
https://www.facebook.com/NewsfirstSL/videos/295368131588550/