සජිත්, හරීන් කාදිනල් හිමිපාණන් හමුවෙයි

සජිත් සහ හරීන් කාදිනල් හිමිපාණන් හමුවෙයි

by Staff writer 27-06-2020 | 9:58 PM

COLOMBO (News 1st) : සජිත් ප්‍රේමදාස මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අද කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු විය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා
අද දින මමත් හරීන් ප්‍රනාන්දු ඇමතිතුමත් අති උත්තරීතර කාදිනල්තුමා හමුවෙලා ඉතා සුහදව සාකච්ඡා කරලා විශේෂයෙන්ම පහුගිය දිනවල තිබුණු විවිධ මතිමතාන්තර ව්‍යාකූලත්වය ගැන සකච්ඡා කරලා අපි අදහස් හුවමාරු කරගෙන අපි හැමෝම නිවැරදි තැනකට අද ඇවිල්ලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අති උත්තරීතර කාදිනල්තුමාගේ අවවාද අනුශාසනා ආගමික නායකයෙක් හැටියට මම ඉතාමත්ම අගය කොට සළකනවා. හරීන් ප්‍රනාන්දු මැතිතුමත් එහෙමයි.විශේෂයෙන්ම කාදිනල්තුමා රටටත් දැයටත් කරන්නා වූ සේවාව ඉතාම අගය කොට සළකනවා. පහුගිය දිනවල තිබුණු යම් යම් අවිනිශ්චිතතාවයන් , ව්‍යාකූලතාවයන් නිරාකරණය කරමින් අතීඋත්තර කාදිනල්තුමාට ඒ ලබාදිය යුතු උත්තරීතර ගෞරුත්වය ,විශේෂයෙන්ම ලබාදෙමින් මේ රටේ කතෝලික ප්‍රජාව කේන්ද්‍රකර ගෙන ක්‍රියාත්මක විය යුතු ඒ වැඩ කටයුතු සියල්ලක්ම ඉතාමත්ම නිහතමානීව ක්‍රියාත්මක කරන්නට අපි හැමෝම එකට එකතුවෙලා කටයුතු කරනවා.