ලොව කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 99 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 99 ඉක්මවයි

by Staff writer 27-06-2020 | 5:06 PM

COLOMBO (News 1st) - ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 99ක් ඉක්මවා ගොස් තිබේ.

ඒ, අද දිනයේදී නව ආසාදිතයින් 29,000 කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමත් සමගිනි. මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි . එම සංඛ්‍යාව විසිපන් ලක්ෂයකට අධිකයි . ලොව පුරා වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 4,97,363 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.