මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන විදේශිකයෙකු දැලේ

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව කියන විදේශිකයෙකු කොච්චිකඩේදී අත්අඩංගුවට

by Staff writer 27-06-2020 | 2:21 PM
COLOMBO (News 1st) : කොච්චිකඩේ, පලඟතුරේ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ බවට සැකපිට විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සැකකරු සතු ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී, ඔහුට අයත් නොවන ක්‍රෙඩිට් කාඩ්පත් දත්ත සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ ඡායාරූප සහ වීඩියෝ පට පිළිබඳව ද අනාවරණය වූ බවයි. ඔහු රැඳී සිටි ලැගුම්හල තුළ සඟවා තිබූ අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි හා වලංගු කුවිතාන්සියක් නොමැති වායු රයිෆලයක් ද සොයා ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.