දකුණේ අපරාධ ඉහළට

දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ ඉහළට - පොලීසිය

by Staff writer 27-06-2020 | 7:06 PM

COLOMBO (News 1st ) - දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ වාර්තා වීමේ ඉහළයාමක් පෙන්නුම් කරන බව, පොලීසීය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 4000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය. ඔහු මේ බව පැවසුවේ අද මාතරදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. මේ දක්වා කාලය තුළ දකුණු පළාතේ හෙරෝයින් කිලෝ 212කට අධික ප්‍රමාණයක් සහ ගංජා කිලෝ 745කට අධික ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. ඒ සමග අවි ආයුධ විශාල සංඛ්‍යාවක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.