.webp)
මනාප අංක ප්රදර්ශනය කරන්න දෙන්නේ නෑ. අලුතින් ඡන්දෙට ඉදිරිපත් වෙන අයට අවාසියක් වෙනවානේ?පිළිතුර
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා ඒක පනතේ තියෙන නීතියක් ක්රියාත්මක කරා මිසක් මැතිවරණ කොමිසමෙන් අලුත් නීතියක් ක්රියාත්මක කරේ නෑ. මෙතෙක් අපි කරලා තිබුණ ඒවා වැරදි වෙන්න පුලුවන් . වැරැද්දක් නිවැරදි කරාම පරණ වැරැද්ද ආපහු කරන්න ඕන කියලා එකක් නෑප්රශ්නය
අලුතින් ඡනදෙට ඉදිරිපත් වෙන අයට මේක අවාසිදායක තත්වයක් නැද්ද? ජනතාව මනාප අංක දන්නේ නෑ.මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා
අපි යවනවනේ ගෙවල්වලට. මනාප අංකේ මොකද්ද ඒ ඒ අපේක්ෂකයන්ගේ මනාප දැක්වෙන ලැයිතුවක් අපි යවනවා සෑම දිස්ත්රික්කයකටම. සෑම ගෘහයකටම යවනවා. අපේක්ෂකයා ප්රසිද්ධ නම් දන්නවා නම් වැඩ කරලා තියෙනවා නම් ජනතාව දන්නව නම් එයා සුදුසු කියලා එයාගේ අංකේ මහන්සි වෙලා හොයාගන්න පුලුවන්. හැබැයි අපි දන්නවා යම් ආකාරයක අවාසියක් තියෙනවා කියලා. ප්රසිද්ධ නැති අපේක්ෂකයන්ට. ඒකට කරන්න තියෙන්නේ තමන්ගේ ප්රතිපත්ති අංක යනාදි තොරතුරු තුන් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යවලා ගෙයින් ගෙට ප්රසිද්ධ කරන්න පුලුවන්. නැත්තම් කුඩා රැස්වීම් 100ක් තමයි උපරිමය 50 - 10ක් තමන්ට සහය දෙන අයත් එක්ක එකතු වෙලා රැස්වීම් පවත්වලා කටින් කට යැවීම .ප්රශ්නය
ඡන්දෙ ඉල්ලන අය මැතිවරණ කොමිසමට දැඩි ලෙස චෝදනා කරනවා නොම්බරේවත් ප්රසිද්ධ කරන්න දෙන්නේ නෑ කියලා .මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා
නීති හදලා තියෙන්නේ අපි නෙවෙයිනේ. පාර්ලිමේන්තුවෙන් හදපු නීතියක්. අංකේ ප්රසිද්ධ කරන එක සම්බන්ධයෙන් අපිට දැනට කරන්න දෙයක් නෑ.